Tuesday, February 28, 2017

ආදරනීය සිහිනය



එක්තරා කාලෙක ..  
දෙන්නෙක් හිටිය... 
යාලූ උනේ අහම්බෙන්.. 
එක කෙල්ලෙක්.. 
පිස්සු කෙල්ලෙක්.. 
ක්‍රිකට් පිස්සියෙක්... 
නටනට ඉන්න .... 
ලස්සන කෙල්ලෙක්
එයා... 
කොල්ලා..  එකතැනක... 
එකම දේ කරකර...
බොරුවැඩ කරකර හිටිය.. 
චූටි කොල්ලෙක්.... 
දවසක් කොල්ල ක්ලාස් එකේ.. 
පිටිපස්සෙම ඉන්නව...
කෙල්ල.. තව කෙල්ලො 3 ක් විතර වට කරන් .. 
ලොකු කතාවල්වල ඉන්නව.. 
කොන්ඩෙ පීරන්නෙ නැතුව ...
කොන්ඩෙ කඩල... 
කන්නාඩි 2 ක් දාල...
හෙන ලොකු ..
වස පාට..
පන්ඩිත කෙල්ලෙක්.... 
හදිස්සියෙම .. 
ක්ලාස් එකේ ගෲප් කඩනව... 
සර් කොල්ලවයි.. තව ඒලග හිටපු කොල්ලො ටිකකුයි..  
ඉස්සරහට ගෙන්නගන්නව... 
ක්ලාස් එකේ මැද පුටුසෙට් එකේ කෙල්ලන්ට ඉස්සරහින් ඉදගන්න කියල.... ඒකෙල්ලව දානව ගෲප් එකේ ලීඩර් කියල... ගෲප් එකට කෙල්ලවයි කොල්ලවයි වැටෙනව... 
නම්බර් ටික ඉල්ලගන්නව.. 
පන්ඩිත කෙල්ල...
ඉල්ලන්... ගෙදර යනව.  දවසකට විතර පස්සෙ... 
කෙල්ල ගෲප් එකක් හදනව .. viber .. ඒකෙ කොල්ලයි කෙල්ලයි ගොඩක් චැට්...ක්ලාස් එකේ කට්ටිය ඉන්න හින්ද...ඉන්බොක්ස් චැට් ... 
ලොකු ආසාවල් තියන .. හොද පන්ඩිත කෙල්ලෙක්ව කොල්ලට හම්බෙනව...  දෙන්න හැමදේම කියනව කෙල්ලට..  කෙල්ලත්.. හැමදේම.. වෙනකාටවත් කියන්නෙ නැති ඒවත් කියනව.   කවදවත් හම්බෙලා කතාකරලවත් නැති... කොල්ලෙක්ට..  දෙන්නම හොදම යාලුවො දැන්.. කොල්ල ෆිල්ම් එකක් ගෙනත් දෙනව.. නම friends with benefits ... ඒකෙත් තියෙන්නෙ කොල්ලගෙයි..කෙල්ලගෙයි.. කතාවට සමාන කතාවක්... යාලුවො වෙලා.. උදේ ඉදන් රෑ වෙනකන්..  කෙල්ල ..ඒ කොල්ල එක්ක..ගොඩක් ලගින්... ආදරෙන් ... ඉන්නව... තනියෙම් හිටපු ඒ කොල්ලට... ආදරේ ජීවිතේට හදුන්වල දෙන්න.. ඒකෙල්ලට පුලුවන් වෙනව.කෙල්ලෙක් එක්ක හරියට කතා කරලවත් නැති ඒ කොල්ලට කතා කරන්නත් උගන්නනව කෙල්ල..කොල්ලට ලැජ්ජ වෙලාවට ඇදල අරන් කතා කරවනව ...  එක එක  විදියට කොල්ලට ජීවිතේ කියලදෙනව... කොල්ල ඒ හැමඑකකටම ආසයි.. ඒත් ඒක පෙන්නන්න තේරෙන්නෙ නෑ එයාට... එයාට ඒක තේරෙන්නෙ නැතිතරමට ලැජ්ජයි..ඒත්... කෙල්ලගෙ හැම හුස්මක්ම ආදරනීය විදියට...කොල්ලට දැනෙනව... පවුලින් බනින ගොඩක් ඒව අහන්න බැරුව .. නෙගටිව් කෙල්ලෙක් විදියට... හැමදාම අඩ අඩ ඉන්න ඒ කෙල්ලව .. කොල්ලට තේරෙනව ගොඩක්... කෙල්ලටත්.. ගොඩක් ආසයි ඒ කොල්ල එක්ක චැට් කරන්න... මුලින් ටිකක් චැට් කරමු කිව්වත්... පස්සෙ ඒව ඔක්කොම මතක නැතුව යනව... කෙල්ලටයි ..කොල්ලටයි.. දෙන්නටම එකම .. ලෝකයක් තියෙනව.. ඒලෝකෙ තනිවෙලා දෙන්නම.. උදේ ඉදන් රෑ වෙනකම්ම... තනියෙන් හිනා වෙනව දෙන්නම... වෙලාවකට ..  එක එක්කෙනාට ඊරිසියයි... කොල්ල කෙල්ලට එක එක ඒව කියනව... කෙල්ලත්.. පන්ඩිතකතා ගොඩක් කියනව... කෙල්ල ගමක ...කොල්ල නගරෙක... කෙල්ල ලස්සන ගමක ඉන්නෙ කියල දැනගෙනත්.. කොල්ල බොරුවට් කෙල්ලව අවුස්සනව.... කෙල්ලට තරහ ගිහින් අඩන්න යනව.. එතකොට කොල්ල ආදරෙන් කතා කරනව.. කෙල්ලත් ඒවට හිනා වෙනව ... ආයෙත්... කොල්ලකරන විකාර වැඩ වලට... කෙල්ල ආසයි... කෙල්ලට ගොඩක් දුක හිතන දේවල් වෙලා තියනව... කොල්ලට කියනව ඒව්.. අඩ අඩ.... කොල්ල ඒ පිස්සු කෙල්ලගෙ හිතේ තියන ඒව වෙනස් කරන්න.. ගොඩක් උත්සහ කරනව... හම්බුන පන්ඩිත කෙල්ල... හිතේ නැ කියල දැනගන්නව... ඒ පන්ඩිත.. සැර කෙල්ල ඇතුලෙ.... අඩන... අහිංසක..  ලස්සන හදවතක් තියන තාමත් කවුරුත් දැකල නැති... ලස්සනම ලස්සන කෙල්ලෙක්... ඉන්නව කියල කොල්ල දැනගන්නව.... කෙල්ල කොල්ලට හැමදේම උගන්නනව... කොල්ල ජීවිතේ ගොඩක් දැකපු නැති .. අහලනැති.. ගොඩක් ඒව තියනව කියල... කෙල්ල පෙන්නනල දෙනව...

පෙම්වතුන්...පෙම්වතියන් නොවන... ලස්සන ආදර කතාවක්.. දෙන්නගෙම හිතේ තියනව... දෙන්නට දෙන්න අතාරින්න ...  නොදැක ඉන්න බැරි වෙනව... යාලුකමක් විදියට .. සමාජෙට පෙනුනත්... අසම්මත යාලුවො විදියට... කෙල්ල ..කොල්ලට.. අමුතු හැගීම් ලබා දෙනව... කොල්ලත්.. ආදරෙන් ලං වෙනව ඒ හැගීම් වලට.... කොල්ලගෙ ජීවිතේ ආදරනීයම... ලස්සනම... හැගීම්... මතකයන්... තියෙනවිදියට... කෙල්ල කොල්ලට ඒක ලබාදෙනව..... කෙල්ලගෙ මතකයන්.. කොල්ලව ගොඩක් වෙනස් කරනව.... ජීවිතේට ආදරේ කොච්චර ඔනෙද ..කියල කෙල්ල කොල්ලට උගන්නනව .. ආදරෙන්.. කෙල්ල කොල්ලගෙ පපුවෙ අත තියන් ඉන්නව .. කවුරුත් නැතිලෝකෙක.. තනිවෙලා... කොල්ල ලැජ්ජාවෙන් අහක බලාගන්නව.කොල්ල කෙල්ලතරම්වත්.. තද හිතක් නැති එකට... කෙල්ල කොල්ලව ඇදල ගන්නව.. දෙන්නගෙම ආදරනීය ඇස් එකතුවෙනව... ඇස් වලින් දෙන්නම එක එක දේවල් කියවනව... කොල්ලට කෙල්ලෙක්ගෙ තොල් දෙකක්.. සිනිදු තොල් දෙකක් හම්බෙනව... සිනිදු ලස්සන තොල් දෙකක්... ආදරේ හිතෙන අහිංසක ඇස්  දෙකක් තියන... ලස්සන හිතක් ... ආදරනීය විදියට කොල්ල දිහා බලන්....මොනවද කියනව.. කොල්ලට යන්තමට ඇහෙනව... දෙන්නගෙම ඇස් දිලිසෙනව . උතුරල යන ආදරෙන්... නලලට නලල  තියන් දෙන්නම  ඉන්නව... නිකන් හිනා වෙනව... ලැජ්ජාවෙන්... කෙල්ලගෙ කොල්ලගෙ හිතේ හිරවෙලා තිබ්බ ආසාවල්.. රෑ තිස්සෙ කතා කරපු.. ගොඩක් දේවල්... දෙන්නම ආදරෙන්..  දෙන්නට ලබාදෙනව...ගොඩක් වෙලා ආදරෙන් ඉදල... ඒ ආදරේ එහෙමම තියාගෙන... දෙන්න සමුදෙන්න ලෑස්තිවෙනව... යන්නයද්දි... කොල්ල කෙල්ලට.. ලස්සන හාට් එකක් දෙනව... ඒක ඇතුලෙ එක එක ඒව... කවුරුත් හිතුවෙවත් නැතිවිදියට.. කොල්ලට කෙල්ලගෙ ආදරේ ගොඩක් දැනෙනව... යාලුවෙක් උනත්... අතාරින්න බැරි ... ආත්ම ගානකඉදන් එකට හිටිය කෙනෙක් වගේ දෙයක්... හිතට දැනෙනව... කොල්ලගෙයි  කෙල්ලගෙයි හිත්වලට අමතක නොවන... ලස්සන දවසක්... එහෙමම ඉවරවෙනව.. අලුත් අදහස්... බලාපොරොත්තු... ගොඩක් ආදරෙත් එක්ක.... පෙම්වතියක් නොවුනත්...ඊටත්වඩා ගොඩක් ආදරේ කරන කෙල්ලෙක් කරගන්න කොල්ලට පුලුවන් වෙනව...

No comments:

Post a Comment

ඔබේ කමෙන්ට්ස් එක