Sunday, February 19, 2017

පටන්ගැන්ම

හෙන කාලෙකට පස්සෙ ඩයරියක් ලියන්නෙ...කලින් ලිව්වෙ පිටු දෙකයිනෙ. දැන් ඩිජිටල් විදියට ලියනෝ...අද නම් එපා උනා... ආයෙත් විජය ග්‍රැපික්ස් එකේ කෝස් එකට ගියා... අද මායා ලේසියි ... හවස ඉතින් ජිම් තමා ..... ඇග හදාගන්න එපෑ..ජිම් ගීන් ඇග පන නැතුව ගේ වටේ ඇවිදින්නෙ මම විතරද කොහෙද... හික්ස්.. ජිම් තමා ජීවිතේ.
ඇඩම් ලෙවින් වෙන්න බැරි වෙයි වගේ.. ඒත් ට්‍රයි කරනව..... මම දොයි ☺☺☺☺
ඉස්සරහට කරන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.. හයියෝ... කෝමහරි සල්ලි තමා හොයාගන්න ඕනෙ.. සල්ලි තියෙනවනම්.. ඕන එකක් තියෙනවනෙ...කෙල්ලො නම් වැඩක් නෑනෙ .. පුම්චි තමා ට්‍රයි එක ඒක මාරයි .... ගෙදට්ට මාට්ටු උනොත් වහකන්න වෙන්නෙ.. හයියෝ. .. තාත්තා කෑගහනව කන්න එන්න කියල .. දැන් නාලා කන්න යන්න ඕනෙ.. එලවලු තමා අද තම්බල තියන්නෙ.. ..අපේ කට්ටිය කවද කාපු කෑමද.. මම යනෝ..

පසුවදන

(පසුවදන කියල නේද කියන්නෙ.. අනේමන්ද )
මේක මගේ ඩයරිය...ඩයරියකින් මිනිස්සුන්ට ගන්න තියෙන දේවල් ගොඩයි.. මගෙ ජීවිත කතාව මන් ලියනව මේකෙ ...ගන්න තියනදෙයක් ගන්නකො ගොඩක් තියෙන්නෙ නවකතාවක් වගේ මට හිතෙන විදියට (සින්හල සාහිත්ය ගැන මොනාට් දන්නෙ නෑ මන් ... ඒ නිසා වැරදි තියෙනවනම් .. පෙන්නල දෙන්නකො...ඒවගෙම මොනාහරි අඩුපාඩු .. වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවනම් කියන්නකො... :)  ) ..නිකන් රසවිදින්න කතාවක් කියවන කෙනෙක් හෑටියට ඔයාට බලන්න පුලුවන් මේක ...චුට්ටක් නාගරික පැත්තක ..... තනියෙන් හැදුන ... චූටි කොල්ලෙක්ගෙ ...ඇත්ත කතාවක් කියවල බලමුද.....කිසිම ගැලපීමක් නැති විදියට ලියල තියෙන්නෙ... මේක මගෙ ස්ටයිල් එකලු .... (හිතාගෙන ඉන්නෙ එහෙමනෙ ) බලමු.... අපි ... මොනාහරි ලියයි මේකෙ .....
හරි.... මන් ගැන කියන්නම් මුලිම්ම ..... මන් ***.. ඉන්නෙ කොලබට චුට්ටක් ලග ... දැන් වයස 20යි ... 96 කොල්ලෙක් දෙසැම්බර් වලට 21 වෙනව..... පාසැල ඉටින් බණ්ඩාරනායකේ ගම්පහ ... කොල්ලොම නෙ... කෙල්ලො ආශ්‍රයක් නෑ පොඩිකාලෙ ඉදල... දැන් නම් කොල්ලො ම 3 ක් තමා යාලුවො විදියට සෙට් වෙලා ඉන්නෙත් ... ලගම යාලුවො ....සෙට් උන විදිය පස්සෙ කියන්නම්කො ... මගෙ ජීවිතේ අමුතුයි .... කෙනෙක්ගෙ ඇතුලිම්ම බලන්නකො... මන් ගැන ඇත්ත දාන්න බලන් ඉන්නෙ මන් මේකෙ... හ්ම්ම්ම්ම්ම්ම්..... ඇත්තනෙ ... යෙප්..
                                       මන් ඩයරිය ලියන්නෙ මගෙ පෝන් එකේ.. ඇප් එකක.. ලියල ඉටින් මේකට දානව........ මෙ පලවෙනි දවසෙ ලියපු එක උඩ....උඩම තියෙන්නෙ ... හරිනෙ යෙප් ... චුට්ටක් ලියල තියෙන්නෙ ඒක ... ඊටපස්සෙ මන්  ඒකෙ තියන සිද්දි ... එක එක ඒව විස්තර කරන්නම් ...තේරුම්ගන්න ලේසිවෙයි එතකොට....ඒත් ඉටින් අමාරු වෙයි ... මේකෙ තේරුම් ගන්න අමාරු වෙයි.ට්‍රයි කරන්නකො... නිකමට හරි ....එපා උනොට් අතෑරල දාන්න සෙනිකව... 18+ සීන් .. චුට්ටක්  වල් වගේ තියන ඒව මන් 18+ කියලම දාන්නම් ... ගොඩක් ඒව එහෙම වෙන්න ඇති ....ඩයරියෙ ඉටින් හිතෙන හිතෙන මගුල් ඔක්කොම ලියනවනෙ මන්..මාව සිරාවටම  දන්න එකෙක් ඉටින් මේක බැලුවොත්  sorry.com තමා...මාව දන්න එකෙක් මේක බැලුවොත් ..ගනන් ගන්න එපා... මේකෙ ඔක්කොම තියෙන්නෙ මගෙ හැගීම්  විතරයි..මට ලෝකෙ දැනෙන විදිය ... ; ) .. සරල කොල්ලෙක්ගෙ ජීවිතේ දකින්න පුලුවන් වෙයි කතාව කියවන් යද්දි ...අදට ඉවරයි..මේක කියවන සහෝදර සහෝදරියන්ට ... සුභ දවසක් ..

3 comments:

  1. Ubata hithena de ubata one de dapan diary liyanne naa eka eka gen ahagena e nisa adupadu mukuth naa meke awastha sambanda sinhala sahithya one naa ubata huthena de uba dahan uba kamathi widiyata ktinma diary ekaka wena siddiyama eke karahan echcharai


    Jaya wewa

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ පලවෙනි කමෙන්ට් එකට ටෑම්ස් සහෝ... හරි.. මන් ඒ විදියට කරන්නම්...බ්ලොගින් කරන කස්ටියට යි අනික් අයටයි.. මන් බ්ලොගින් වලට අලුත්නෙ... උපදෙස් වටිනව.. 😘😘 මොනාහරි දෙයක් තියනවනම් කියන්න වගේ එකක් දැම්මෙ.. 😊😊 එල බන්..😋😋

      Delete
  2. අඩෝ එල බන්... උබව දන්නා මොකෙක්වත් මේක නොකියවෙවා...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් එක