Sunday, February 26, 2017

පලවෙනි ඉන්ටවිව් එක

                       හෙටලු ඉන්ටවිව් එක... දැන් උදේ වෙලා නිදාගද්දිත්   හෙට ඇහැරෙයිද මන්දා... කමක් නෑ... දැන් 12.40 යි වෙලාව... මෙච්චර වෙනකන් අර CV එක හැදුවා... පොටෝ එක හිටන් එඩිට් කලා ඒකෙ... හම්මේ පිස්සු වගේ....  මම දොයි... ගුඩ් නයිට් පුන්චි


                       අද ඉන්ට්විව් එකට ගියා... අව්ලක් නෑ... හැබැයි ඒ ජොබ් එක අව්ල්.. කරන්න තියන්නෙ..අර ඩිරෙක්ට් මාකටින් කාරයො ගෙවල් වලට එන්නෙ ... එයාලව  බලාගන්නයි .. ඔය වගේ වැඩ ටිකක්...  ගොන් ජොබ් එකක්... වැඩක් නෑ..අපරාදෙ මීගමුවෙ ගිය සල්ලි ටික.....ඒ දුක නිවෙන්නත් එක්ක.. අද හවස film බැලුවා... 5 ට විතර ජිම් ගියා.. බඩටයි .. ඔක්කොටම ගැහුවා... ඒක වැදුනා හොදට... හෙට engineering  කෝස් එකට යන්න යන්නෙ .. ඒකට රෙජිස්ටර් වෙන්න යන්න ඕනෙ..සල්ලිත් නෑලු... හෙට මායා ක්ලාස් එකත් තියනව.. ඒකට කලින් මේකට් ගිහින් යන්න ඕනෙ.. වෙලාව ඇතිවෙයිද මන්දා.. බලමු..  පුන්චිව කවද ආයෙ දකින්න ලැබෙයිද දන්නෙ නෑ..   එයාව බලාගෙන ඉන්න තියෙනවනම්.... ❤❤.. ජිම් යන්නෙත් එයා නිසානෙ..  එයාගෙ ලගට එද්දි .. පට්ට ඇගක් මට තියෙන්න ඕනෙ  .. දැන් ගානට ඇග තව ටිකක් නෝමල් කරන්... සප්ලිමන්ට් එකක් ගහන්න ඕනෙ උනොත් ගහල... බලමු ඇග හදාගන්න..  Challenge Accepted..✌... ඒනම්.. ගුඩ් නයිට් .. පුන්චි .  ඔයාගෙ නලලට කිස් එකක් දෙන්න ඕනෙ ....  වෙන අය ඉද්දි.. ඔයාවම මතක් වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ... අනේ මන්දා .... දැන් දොයි.. මමයි.. එයයි...

පසුවදන
දවස් දෙකක කතා දෙකක් තියෙන්නෙ ☺☺✌✌
අද කතාව නම් ඉන්ටවිව් එක ගැන...පලවෙනි ඉන්ටවිව් එකෙම්ම මටනම්  ජීවිතේ එපා උනා..ඩිරෙක්ට් මාකටින් .. එහෙම නැත්තම් .. ඔය පාරවල් ගානෙ ඇවිත් අයිටම් විකුනන සෙට් එකකට යනව තව ටිකෙන් මන්... ජොබ් එකේම තනිකර බොරුවක් යනව වගේ තේරුන.. එතන්ට ගියාම... ඒක උනේ මෙහෙම.. මන් මීගමුවෙ බස්ටෑන්ඩ් එකට ගියා.. ගිහින් පාරෙ හිටපු එකෙක්ගෙන් ඇහුව ආයතනේ නම කියල .. එතන්ට පාර දන්නවද කියල .. හික්x..ත්‍රීවිල් එලවන කොල්ලෙක්ගෙන් ඇහුවෙ.එකපාරටම එය කිව්ව යන්නනම් එපා ගිහින් වැඩක් නෑ.. එහෙම ... කමක් නෑ කියල ඉටින් මන් ගියා හොයන්.. ගොඩාක් දුර ගියාම .. ගෙදරක .. බෝඩ් එකක් එල්ලල කම්පැනියෙ නම.. හම්මේ ඉටින්.. තවත් ඇතුලට ගිහින්.. ෆයිල් එක පෙන්නල ආව ඉන්ටවිව් එකකට ගිහින් පුරුද්දකුට් නෑනෙ...ඊටපස්සෙ ගිහින් ඇවිත්.. මන් එයාලගෙ කෝල් වලට answer කලෙත් නෑ..ගෙදරින් අවුලකුත් නෑ... ගෙදරින් බැන්නෙත් නෑලු.. ගෙදර අය දන්නවනෙ ගෙවල් වලට බඩු විකුනන සීන් වලට නම් මාව යවන්නෙ නෑ කියල.. ඒහින්ද ගෙදරිනුත් ශේප් ... එහෙම ඉවර උනා මගෙ ඉන්ටවිව් එක .. හික්x... පට්ට වැඩමනෙ මට වෙන්නෙ ඉටින් .. ඊටපස්සෙ තාම මන් ඉන්ටව්ව් ගිහින් නෑ කොහෙවත් .. අද හෙටම කොහෙහරි යන්න ඕනෙ .. ගෙදරට වෙලා ඉදල එපා වෙනවනෙ.. 
ඔය කාලෙදි ගොඩක් පුන්චිව මතක් උනා.. ඒකයි ගොඩක් එයාගැන ලියන්නෙ... කෙල්ලෙක් නැති උනාම කොල්ලෙක්ට තියන ප්‍රශ්න ටමා ඉටින් 
 තාම මන් ඩයරියට ගොඩක් ලන් වෙලා නැතිකාලෙ ඔය.. පස්සෙ කාලෙක . මගෙ තනියට ඩයරි කෙල්ල විතරමයි හිටියෙ.. මන් බ්ලොගින් ගැන චුට්ටයි දන්නෙ ... සූටි කතාවක් නෙ අද.. ඒනම් මන් යනව ..ගුඩ් නයිට් කට්ටියටම.. ☺☺

2 comments:

ඔබේ කමෙන්ට්ස් එක