Tuesday, March 27, 2018

මගෙ ඉගෙනීම සහ..ඉගෙනගන්න අයට ජීවිතේ හදාගන්න

දවස් දෙකකට විතර පස්සෙ ආයෙත්...
අද කතා කරන්නම් මගෙ අද්යාපනෙ ගැන...ඉක්කෝලෙ යන සුටි බබාල ඉන්නවනම් අයිඩියාස් එකක් ගන්න මන් ගැන.. තව ...ම්ම්ම්ම් නිකමට කියවල බලන්න..😜..
මෙහෙම පටන් ගන්නම්..


මන් ඉස්කෝලෙ ගියෙ ගමෙ .. ගමෙ කිව්වට ගමෙන් 50% නගරෙන් 50%.. ගැමිරික කියල කියන්නෙ .. අන්න ඒවගෙ එකක්. එකවසරෙ ඉදන් ක්ලාස් එකෙ නෝමල් කොල්ලෙක්.. පැත්තකට වෙලා හිටිය එක්කෙනෙක්.. ඒත් හැම තිස්සෙම මාව ක්ලාස් එකෙන් ටිකක් කැපිල පෙනුන මතකයි ... ඒ මට වැඩ පුලුවන් නිසා අනික් අයට උගන්නන්න කියල මටම සෙට් එකක් ( කොල්ලො දෙන්නෙක් විතර) උගන්නන්න කියල බාර දීල තිබ්බ එක.. හපු.. ඒ හතර වසරෙනෙ.. එකේදි නෙමෙ. 🙈🙀. එහෙම ටමා උනෙ... ..උන්ටත් අවුලක් නෑ දන්නෙ නැති ඒව අහපුවම කියල දෙන්න තියෙන්නෙ... එහෙමත් කලාලු මන්...
ඉටපස්සෙ සිස්සත්වෙ... ඉක්කෝලෙ පලවෙනිය.. වැඩිම ලකුනු මට .. ක්ලාස් එකෙ 40ක් විතර හිටියද කොහෙද.. හතරදෙනෙක් පාස් උනා.. ඒ අයගෙන් එක්කෙනෙක් මන්.. අනික් අය ක්ලාස් ගිහින් මැරිල මැරිල පාඩම් කරල පාස් වෙද්දි... මන් ක්ලාස් ගියෙ මැත්ස් වලට විතරයි.. ඒකත් නෝමල් සර් කෙනෙක්.. එයානම් හොදට ඉගැන්නුව ආහ්...ඒක පට්ට.💗...
ඊටපස්ස්සෙ බන්ඩාරනායකෙට ආව ලකුනුවලින්.. මගෙ ලකුනු 156.. අපෙ දවස් වල ලකුනු ගන්න අමාරුයිලු.... හම්මේහ් ඉතින්,... 150 ගානකින් තමා පාස් එක දුන්නෙත් මතක විදියට..


               හලි.. බන්ඩාරනායකෙට ආපු ගමේ ඉක්කෝලෙ කොල්ලා ඔහෙ ඉගෙනගත්ත.. 6 වසරෙ ඉදන් ඉක්කූල් වෑන් එකෙ ගියා.. ඒලෙවල් ඕලෙවල් වලින් තමා වෙනස් උනෙ ඕක.. තාත්ත මහන්සියෙන් හොයපු සල්ලි නාස්ති කරන්නැතුව ඒව හරියට මැනේජ් කරගන්න පුලුවන් සීන් එකක් පොඩිකාලෙ ඉදන්ම තිබ්බ මගෙ... මේක කියවන සුටි බබාලත් එහෙම පුරුදු වෙන්න... ඔක්කොම ටික එකතු කරල සතෙන් සතේ ... ලොකු අයිටම් එකක් ගන්න..මන් සල්ලි වියදම් කලෙ ඉතින් extl hard..., computer වලටයි  ඇදුම් වලටයි තමා ඇදුම් නම් ගොඩක් නෑ.. නෝමල්. අන්න ඒවගෙ....


                 ඕලෙවල් වලටනම් ට්කක් ක්ලාස් ගියා... අවුලක් උන් නෑ.. A5 B3 C1 .. C1 තිබ්බෙ නැටුම් වලට.. මාව මහතයි කියල නැටුම් කරන්න දැම්ම... ඒක නම් අපෙ ගෙදර ඉල්ලීමලු....මන් බෝලෙ වගෙ ඒ දවස් වල.. ඊටපස්සෙ මන් පට්ට කෙට්ටු උනා.. දැන් සුපිරි.. ගානට ඇග..මොනාකලත් මට නටන්න නම් බෑ... නටන්න පුලුවන්  EDM වලට විතරයි.. ඒක නම් මම් ආසම අයිටම් එකක්.. EDM ( Electronic Dance Music ) ඇහෙද්දිත් පිස්සු වගෙ..මගෙ ඒලෙවල් කාලෙ ටාගට් එකක් තිබ්බ TOMORROWLAND💗 යන්න කොහොමහරි.. තාමත් හිතේ තියන එකක් ඒකනම් ..මන් ආසයි ඒකට... ඒ නිදහසට .... අනිව කරනව හලි හලි... ම්ම්ම්ම් 

Motivation එකක් ඕනනම්... 

ගිහින් බලන්න... 

Aftermovie ටික

https://www.youtube.com/user/TomorrowlandChannel                                              

https://www.tomorrowland.com/global/

මන් නම් ඉස්සර හැමදාම උදේ පාන්දර ඕක බලනවලු 💗😋😋



               ඊලගට.....ඒලෙවල් වලට මැත්ස් කලා... මට ඉතින් ඒක සුපිරියටම පුලුවන් නිසා.... ඒලෙවල් ක්ලාස් එකෙ මුලිම්ම ගාන හදල ඉවර වෙන්නෙත් මම වෙලත්..මන් දෙපාරක් ඒලෙවල් කරල දෙපාරම මැත්ස් ෆේල් උනා... ඒක දයිවයේ සරදම ... හම්මෝ ඒක.😹😹..පිසික්ස් .. කෙමෙස්ට්‍රි නම් පාස් ඒ දෙක පාස් උනෙ කොහොමද කියල තමා හිතාගන්න බැරි මට.... කොහොමහරි තුන්වෙනිපාර ඕව කරන්න ගියෙ නෑ මන්.. ඕලෙවල් ඉවර වෙලා කෙලිම්ම  ජාවා ඉගෙනගන්න ගියා.. ඒක කරන්න ගෙදරින් සල්ලි දුන්නෑ..සල්ලි නැති නිසා.. දුන්නනම් මන් සොප්ටෙයා ඉම්ජිනියර් කෙනෙක් දැන්.. එනිවෙ.. මන් ඒලෙවල් කරල ඉවර වෙලා ඉගැන්නුව.. කෙල්ලෙක්ට..ඒ කෙල්ල මාස දෙක්කින් වගෙ ඉදල ක්ලාස් ආවෙ නෑ.. ඉගැන්නුව අවුලක් නෙමෙලු.. කෙල්ලගෙ  පවුලෙ අය රට ගිහින්.. ම්ම්ම් ඒකත් ඉවරයි...

         තව මන් ..ම්ම් ඊසොප්ට් එකෙ ඩිප්. එක කලා... ඒක කොච්චර හොදට කලාද කිව්වොත් අන්තිමෙ ඒකෙ මැනේජර් කතාකරල මට උගන්නන්න එන්න කියලත් කිව්ව.... පොඩිකාලෙ ඉදන්ම මට I.T. සරලවම හිතට වැදිල තිබ්බ සබ්ජෙක්ට් එකක් නිසා ඒලෙවල් වලට කරන්න හිතන් හිටියත් සබ්ජෙක්ට් තෝරද්දි මගෙන් උන වැරැද්දක් නිසා ඒකට කෙල උනා... මැත්ස් කල ඒනිසා... I.T. කලානම් මන් දැන් කැම්පස්... මැත්ස් වලට වඩා ගැම්මෙන් මට  I.T.  පුලුවන් නිසා. ..ඒකත් ඉවරයි නෙහ්.. 

          මන් ඊටපස්සෙ මැනේජ්මන්ට් පැත්ත තෝරගත්ත.......H.R. කෝස් එකක් කලා..ප්‍රයිවට්.. දැන් ඒකෙ ඊලග ලෙවල් එක කරන ගමන්  ඉන්නෙ.. සෙනසුරාද ඒක.. තව .. යක්කල ටෙක් එකෙ කෝස් එකක් කලා. දැන් ඒකෙ ට්‍රේනින් යන ගමන් ඉන්නෙ .. ඉම්ජිනියරින් .  සතියෙ දවස් 5 ම... තව දවසක් ඉතුරුයිනෙහ්.. ඉරිදට Open Uni. එකෙ Auto CAD කෝස් එකක් කරන ගමන්.. සරලවම.... දවස් 7 ම ගෙදරින් එලියෙ වැඩ.. 


දැන් දවස් 7 ම වැඩ කරල මහන්සි වෙන්නෙ කලින් කරගන්න බැරි උන නිසා..


               එනිසා පෝස්ට් එක කියවන බබාල ඉගෙනගන්න අයනම් මෙ ටික කියවන්න හිතට ගන්න.. සිරාවටම...... 


මුලිම්ම ඉගෙනගන්න සුපිරියටම... මොකද ඔය කාලෙ ආයෙත් එන්නෙ නෑ... ජොබ් කරල වගකීම් වැඩි වෙලා ඉගෙනගන්න ගියාම තියන අමාරුව.. ගෙදරින් කන්න බොන්න දීල.. සුදු ඇදුම අයන් කරල දීල.. බත් ටිකත් ගෙදරින් කවල ඉස්කෝලෙ යවනකාලෙ නෑ.. එනිසා වැඩ කරන්න..... තමන්ට පුලුවන් සබ්ජෙක්ට් තෝරගන්න .. අම්මල තාත්තල .. ඇන්ටිල කියන නිසා නෙමෙ.. අන්න ඒම... පුලුවන් උපරිම කරල කැම්පස් යන්න. එතනින් ඔයාල ගොඩ... එහෙම කරන්න බැරි සෙට් ඉන්නව... ඉගෙනීම නැතුව කරන්න ඕනෙ කියල හිතන අය.. කෝස් එකක් කරන්න.. සල්ලි නැත්තම් ටෙක්වල.. නැත්තම් ඔය එක එක තැන් තියනව NAITA කියල එකක් තියෙන්නෙ ඒකෙ එහෙම... කරන්න හොදයි ආහ්... මන් ගියෙ යක්කල ටෙක්.. කැම්පස් වගෙ තමා.... සුපිරි ජීවිතයක්... ඒක කොහොමහරි අත්විදින්න ට්‍රයි කරන්න...හැමසෙනසුරාදමකොල්ලො කෙල්ලො එක්ක ආතල් එකට කොහෙහරි නාන්න යන්න... ගෙවල් වල එක එක පාටි... තව එක එක ආතල් ගොඩයි.. එන්නෙ එහෙම කරල බලන්න..දන්නෙම නැතුව ජීවිතේ ගොඩ... සරලවම..බැහැයි කියන හැමදේම සරලව හිතල බලන්න... වෙන දේ තියරිය තේරුම්ගන්න.. අනිව පුලුවන්.. 


මන් තාම ඕක කරගන්න ට්‍රයි එකක් දෙන එකෙක්....


හැබැයි සල්ලි තිය්නවනම් ඕව ගේමක්ම නෑ හරිද..ඉගෙනිම මොනා උනත් කැම්පස්... ඊටපස්සෙ ඩිග්‍රිය... ලන්කාවෙ බැරිනම් පිටරට.. අවුලක්ම නෑ නෙ


මන් මේව කියන්න හේතුවක් තියනව.... එහෙම කියන්නෙ.. අපෙ ඒලෙවල් ක්ලාස් එකෙ ඉක්කෝලෙ... මගෙ ස්ඩෙස්ක් එකට ඉස්සරහ හිටිය එක්කෙනා ගම්පහ 9 මැත්ස් වලින්.. පිටිපස්සෙ එකා පිස්සුම කෙලල.. ඕස්ට්‍රීලියවෙ ඉන්ජෙක් කැම්පස්...වම්පැත්තෙ එකත් ඉතින් රෑන්ක් ඉතින් .... ඔහොම වෙලා තව අවුරුදු ගානක් ගියාම.. අනි ක් උන් කාර් වල යද්දි.. උබට ගාමන්ට් එකක වගෙ වැඩ කරන්න උනාම ඔයාලගෙ අම්මල තාත්තල කිව්ව ඒව තේරෙයි... හම්මෙ ඒක නම් සැරයි ආහ්..😉. ඒක කිව්වෙ මේක කියවන.. පිස්සු කෙලින සෙට් එකක් ඉන්නවනම් .. එක කොල්ලෙක් කෙල්ලෙක් හරි ඉන්නවනම්... ඒ එක්කෙනාට...කොල්ලො ගැන හැමතිස්සෙම කියවන්නෙ මන් හිටියෙ කොල්ලන්ගෙ ඉක්කෝලෙකනෙ ඒකයි ..

 
අදට ඇති නෙහ්. ඩයරි කෙල්ලට අමුතු කතාවක් අදනම් ලිව්වෙ මන්. ගුඩ්නයිට්.. 
හිතට ගන්න දෙයක් තියනවනම් ගන්න.. මගෙ කතාව ඕක..... 

Saturday, March 24, 2018

කාලෙකට පස්සෙ

        ම්ම්ම්ම්ම්.. මොනාහරි ලියමු එහෙනම්.. අවුරුද්දකට විතර පස්සෙලු ඔන්න ආවෙ.. ජීවිතේ වෙනස් කරපු අවුරුද්දක්.. එහෙනම් ජීවිතය කොල්ලෙක්ගෙ ඇසින් ..... hkz..


        කලින් තිබ්බ මුල් වචන ටික ලියල සති ගානකින් ලියන්නෙ දැන්..එච්චරට එපාවෙලා .. යෙප් ... ජීවිතේම .. ඇයි කියල තේරෙයි පස්සෙ ...මම අවුරුද්දක් තිස්සෙ මොනාත් කිව්වෙ නැත්තෙ අර පිස්සු කෙල්ල එයාගැන මොනාත් මේකෙ දානවට ආස නැ කියල කිව්ව නිසා .... දැන් අවුලක්  නෑ.... ඒ කෙල්ල නෑ කියල හිතාගෙන .. ඔහෙ ඉන්නව...හරි.. අවුරුද්දක් ගෙවුනෙ මෙහෙමයි... එයාට කොල්ලෙක් සෙට් උනා.... මගෙ හොදම යෙහෙලියට...ඊටපස්සෙ ... අනෙමන්ද .. මොනාහරි වෙලා මායි එයයි තරහ උනා... එයාට ගානක්වත් නෑ ඒත් මට ඉතින් අවුල් උනා ඔක්කොම ..... කවදාවත් කොල්ලෙක් යාලුවෙක් නිසා අඩපු කොල්ලෙක් ගැන අහල නැත්තම්.. ඒ මන්...ගොඩක් දවස් වල මන් ඇඩුව... කතාකරන්න කෙල්ලෙක් නැති නිසා....පාලුයි හෆ්ෆ එතකොට...මන් අඩන්නෙ රෑට.. රෑ දොයියන්න යද්දි ඔක්කොම මතක් වෙනවනෙ ඉටිම්...එතකොට අඩනව..කවුරුත් දන්නෙත් නෑ.. කිසිම අවුලකුත් නෑ..

           නිකන් ඉන්න වෙලාවට සින්දු අහනවනෙ.. පස්සෙ මගෙ ප්ලේලිස්ට් එක දාන්නම් දැනට..මන් ආසම සින්දුවක් තිබ්බ ... ඒක මේ...


ඔබ ගාව මම ඉන්නෙමි

සුසුමන් වගේ යාවෙවී

තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී

රෑ සීතලේ ළං වෙවී

තරුමල් කඩා දෙන්නෙමි



        ඒ කටහඩ😇

       එයා මගෙ යාලුවෙක් විතරක් උනත්.. මන් ආදරේ දැක්කෙ ඒ කෙල්ලගෙන් මාර අමුතු විදියට.. කියන්න තේරෙන්නෙ නෑ ඉටිම් ඒකනම් .. අත් විදලම බලන්න ඕනෙ 💓 මටනම් ඒක මරු ... සිරාවටම පට්ට ....heee...
හලි  හලි.. දැන් . ම්ම්ම්ම් චතූ මගෙ ජීවිතෙන් අයින් උනාටපස්සෙ මාර දේවල් උනා..
         මන් ඉගෙනගන්න වෙනම ෆීල්ඩ් එකක් තෝරගත්තා...ගොඩක් මානසිකව වැටුන... Hkz.. අර තුවාල වෙන්න වැටුන ඒව වගෙ නෙමෙ ඒකනම්. 😜 .ඒකට මගෙ බේත උනෙ ෆිල්ම් බලන එක.. දැනුත් එකක් බලල ආවෙ .. හපූ ඒකනම්... ඔහොම තමා මන් හිත හදගත්තෙ .දවසම ෆිල්ම් බලනව.. පැය ගනන් එකදිගට... ජිම් යන එකත් නැවතුන .. ආයෙත් යන්න ගත්ත.. ඒත් හරියන්නෑ... ජිම් එක කලාවක්.. හිත හරියට නැතුව ඒක කරන්න බැරි උනා මට...ආයෙත් බලල දවසක යන්න ඕනෙ .. ....

          එයා පස්සෙ දවසක් වැරදිල චැට් කරල වගෙ කිව්ව .. එයාට සෙට් උන කොල්ලට ගෙදරින් කැමති උනා කියල .ඒකටනම් සතුටුයි .. සිරාවටම.. ඒත් මන් ඒවෙලාවෙ කිව්වෙ කන්ග්‍රෑට්ස් කියල විතරයි...හදවතින්ම සුබ පැතුම්.. ඒ කෙල්ල බලනවනම් මේක.. මරු ආහ්.💗💗.අපිත් එක්ක ක්ලාස් ගිය කොල්ලෙක්ම තමා සෙට් උන කොල්ලා ඒ මගෙ යාලුවෙක් ... ඒත් උ පිස්සෙක් හෆ්ෆ.. අනෙමන්ද .. දැන් වෙනස් වෙලා ඇති... මන් එහෙම හිතනව.. මොනා උනත් .. කෙල්ලට කරදරයක් නැතුව හිනා වෙලා ඉන්න පුලුවන් ජීවිතයක් දෙන පට්ට හස්බන්ඩ් කෙනෙක් උනානම් ඇති මට... මොකද ඔය කෙල්ල හැමතිස්සෙම මොනාහරි එකකට අඩාගත්තු ගමන්මයි..  😹🙊🙊 ... ඒක මොකක්ද හෆ්ෆ ආදරේද ? .. ඔච්චරම හිතන්නෙ ඕව.... 

හරි හරි... ආදරේ ගැන තියන ඒදවස් වල ලියපු පොඩි පොඩි ඒව ටිකක් මන් පස්සෙ දවසක දාන්නම්. ඒකෙල්ල  දවස් දෙකක් ඒවගෙ චැට් කලා... එයා ගොඩක් ට්‍රයි කලා මට කියන්න..... එයාට පට්ට ජීවිතයක් හම්බුනාවගෙ.. එයා හිනා වෙලා ඉන්නව.. මන් නම් පිස්සෙක් Hkz.. ඒකනම් ඇත්ත.. ඒ වගෙ දේවල්කියන්න තමා ට්‍රයි කලෙ...

          හම්මේහ්.. කියන්න දේවල් ගොඩක් තියෙනො.. ඒත් බෑ.. ඔයාලට එපාවෙයි ආහ්.. සිරාවටම... අදට ඕක ඉවරයි ,....
කියවන කට්ටියට  ම්ම්ම්ම්ම් මන් පස්සෙ පෝස්ට් වලින් ෆිල්ම් ටිකක් ගැන විස්තර දාන්නම්.. මන් දන්නෙ ඉතින් ඒව තමා...හපූ..


           අදනම් ඩයරි  එක මෙලෝරහක් නෑ නෙහ් .. කමක් නෑ.. අලෙමන්ද.. ජීවිතේ හැටි ඔහොම වෙන්න ඇති..
මන් යන්නම් .. පස්සෙ වෙලාව තියන වෙලාවක ඇවිත් මොනාහරි ලියල යන්නම්කො දැන් ජොබක් කරනව.. පස්සෙ විස්තර දාන්නම්..
හෙන බිසී කොල්ලෙක්නෙ දැන්.😜😎😎😎😹..
බායි වේවා හැමෝටම