Saturday, March 4, 2017

ආදරනීය සිහිනය සහ තාවකාලික බව

කලින් පෝස්ට් එක බලල ඉන්න වෙනව මේක තේරෙන්නනම්... hkz මේක ඩයරියක්නෙ..ඒකයි 

කොල්ල.. එහෙම ගොඩක් හීන තියන් හිටියට....
කෙල්ලට එයාගෙම වෙනම ලෝකයක්... ටිකදවසකින් හදාගන්නව...කෙල්ල කෙල්ලගෙ.. ආදරේ හොයන් යනව... 
ගොඩක් ඈතට..... කොල්ලයි කෙල්ලයි දැන් .. එච්චරචැට් කරන්නෙ නැ.. කෙල්ලට ගොඩක් වැඩලු.... එහෙම කියනව... ඉස්සර ගොඩක් ලං වෙලා ... හිනා වෙලා. පිස්සුවෙන් හිටිය.. 
ඒ ආදරේ...

දැන් .. කෙල්ලට ඕන් නෑ වගේ කියල... කොල්ලට ගොඩක් හිතෙනව..... එකපාරට... කුනාටුවක් වගේ..තමන්ගෙ තනිවුනු ජිවිතේට.. ආදරනීය කෙල්ලෙක් ඇවිත්..... දවස් 77 කට පස්සෙ... ගොඩක් දුක හිතෙන විදියට...  කෙල්ල කොල්ලගෙන් .. ගොඩක් ඈත් වෙනව... 
කොල්ලට කවුරුත් නෑ.... කෙල්ලට දුක සැප අහන්න.... හොදින් ඉන්නවද... අඩන්නෙ නැතුව... ලස්සන්ට.. පරිස්සමින් ඉන්න කියල කියන්න... ආදරෙයි  කියල කියන්න.... යාලුවො ගොඩක් .. දැන් ඉන්නව...එහෙම කෙල්ලට ඇති කියල කොල්ල හිතනව..  තමන් සනසවපු ... ඒ මුරන්ඩු . සැර. කෙල්ල.... වෙනකෙනෙක් අතින් සැනසෙනව ..තමන්ට දුක.. ප්‍රශ්න හැම එකක්ම කියපු කෙල්ල..වෙන කෙනෙක්ට  දුක කියනව .. කියල කොල්ලට හිතෙනව... එයාටත්.. තමන්ට වගේම ආදරෙන් කතා කරන හැටි... කොල්ලට දැනෙද්දි... ලොකු දුකක්.... එයාගෙ හිතේ හංගගෙන ඉන්නව....ජීවිතේ ලස්සනම මතකයන්...ආදරනීයම හැගීම්... මුලු ජීවිතේම... ලබාදුන්නු කෙල්ල... අද ගොඩක් වෙනස් වෙලා කියල දැනෙද්දි.... පිටට ගොඩක් හිනා වෙලා ඉන්න හැදුවත්..ඒ කොල්ලා.... ඇතුලින් ගොඩක් අඩනව... හැමදාම... හැම වෙලේම.... කලින් ආදරෙන් කතාකරපු .. කෙල්ල.... දැන් හරියට කතාකරන්නෙවත් නැතිවෙද්දි... කොල්ල කෙල්ල ඉස්සරහ ගොඩක් වෙලාවට.. කදුලු හංගගන්න... උත්සහ කරනව... කෙල්ලත් එක්ක විහිලු කරපු... අතින් අල්ලන් හිටිය... ආදරෙන්.. කතා කරන්න .. දකින්න ගොඩක් ආසාවෙන්.... නොදැක ඉන්න බැරි තරමට හිටිය..  දෙන්නෙක්... අද .. දැක්කම

කතාකරන්නෙවත් නැ නේද කියල... කොල්ලට ගොඩක් හිතෙනව... කලින් පාන්දර වෙනකන් ... එක එක ඒව කියව කියව .. ආසාවෙන් හිටපු ඒ අතීතෙ මතක් කරකර.... කොල්ල හැමදාම කෙල්ල ගැන හිතහිත  නිදාගන්නව... කෙල්ලට එහෙම දැනුනෙ නැති වෙන්නඇති කියල කොල්ලට හිතෙනව... කෙල්ලට ඒ යාලුකම නිකම්ම යාලුකමක් උනා කියල ..  කොල්ලට දැනෙද්දි...  කොල්ල ගොඩක් අඩනව... හැමදාම 

උදේට නැගිටපු වෙලාව ඉදන්...රෑ නිදියන වෙලාව වෙනකන්... ආදරෙන් කතාකරපු ... කෙල්ල... දැන් කොල්ලට නැ....කොල්ල හැමදාම එයාගෙ හොදම යාලුව එනකන්... රෑ වෙනකන් ගොඩක් විස්තර... තමන්ට උනදේවල් කියන්න තාම බලන් ඉන්නව... කෙල්ලට එයාව තේරෙන්නෙ නැතිවෙන්න ඇති කියල ... කොල්ලට ගොඩක් වෙලාවට හිතෙනව...ඒ ආදරේ... ආයෙත් හම්බෙනවනම්  .. අතීතෙට යන්න පුලුවන්නම් .ඒ වෙනුවෙන්.. කොල්ලට  ඕන දෙයක් කරන්නපුලුවන් කියල කොල්ල දන්නව....එච්චරට හිතට වැදුනු කෙල්ලෙක්... ඉක්මනටම ... ඇස් දිහා බලන්න බැරුව ඉන්නව මතක් වෙද්දි... කොල්ල ගොඩක් දුක් වෙනව... තනියෙන් අඩනව... ආයෙත් ඒ ලස්සන. ඇස් දිහා බලන් ඉන්න.... ඒ ඇස් වලට කතාකරන්න...කෙල්ලගෙ කොන්ඩෙ හදන්න..නලලට නලල තියම්... හිනා වෙවී ඉන්න... ආදරෙන් පපුවට තුරුලුකරන් ඉන්න..ඒ ලස්සන තොල් සිපගන්න...සිනිදු අත් අල්ලන් ඉන්න..  . . කොල්ල ගොඩක් ගොඩක් ආසයි.. ඒ හීනත් එක්ක... කොල්ල කෙල්ලව හැමදාම ගොඩක්  හිතේ ලගින් තියාගෙන ඉන්න උත්සහ කරනව.....කෙල්ල කොල්ලව ගොඩක් ඈත් කලත්... තමන්ගෙ පිස්සු කෙල්ලව ඈත් කරන්න බෑ කියල...කොල්ල දන්නව... තාමත් හැමවෙලේම... කොල්ල..  කෙල්ල එනකන්... කෙල්ල ආදරෙන් කතා කරනකන්.... කෙල්ලගෙ හැමදාම් වෙච්ච දේවල්... දැනුන දේවල්...හිතුව දේවල්..හැගීම්..කාටවත් කියන්නෙ නැතුව කොල්ලට විතරක් කියන රහස්... කියයි කියල... බලන් ඉන්නව..හැමදාමත් වගේ. ලොකු ආදරයක් හිතේ තියාගෙනම... 

ඉස්සර වගේම..
ආදරෙයි මගෙ පිස්සු කෙල්ලට ගොඩාරියක්..
පරිස්සමින් ඉන්න ගොඩක්... ඔයා ලග දැන් ගොඩක් යාලුවො හිටියට... තනි උනු වෙලාවට.. ඔයා විතරයි ඔයා ලග.... අමුතු කොල්ලෙක් ඉදියි.. හැමදේම බලාගෙන.. දුකක් සතුටක් අහන්න කතා කරනකන් .. මුකුත් නොකිය... 




C u බබා...

හැරවුම

ඊයෙ #### මැසේජ් කලා චතුට් එක්ක...නිකන් චැට් කරනව ...  එයාගෙ මැසේජ් චතූ මට ෆෝවඩ් කරනව.. බලන්න ඕනෙ කියල හිතෙන ඒව විතරක්.... මට දුකයි ඒක.. මන් නිප්පටයි භාගිටයි කිව්ව ඒක..කාටහරි කියන්න ඕනෙනෙ ඒක..
 කෑගහල අඩන්න පුලුවන් මට.. ඒකමතක් වෙද්දි.. චතූගෙ හිතේ ඉන්න කෙනෙක්නෙ.. එයා.. මට බෑ එයාට ඒම මොනාට් කියන්න.. එයා ඇත්තටම ආදරෙයි චතූට ඒත්.. එයට් ඒම කියන්නෙ නෑ.. චතුට් කියන්නෙ නෑ ඒක.. මන් යාලුවෙක් උන එක වැරැද්දක්ද කියලහිතෙනව .. බැ ඒක කරන්න.. 
කදුලු එකව මේක ලියද්දිට්.. කෙල්ලෙක් වෙනුවෙන්  මෙච්චර එකක් මන් කලාද.... අම්මෝ ..අපි ලන් උන තරම්.. කියන්න බෑ ඒක.. හිතාගන්නට් බෑ... දැන් අඩනව මන්.. නිකන් කොල්ලෙක් චැට් කරන නිසා.. මගෙ  හිතේ චතූ ගැන ලොකු ඉඩක් තියන නිසා වෙන්න ඇති ඒ... වෙන කෙනෙක් එක්ක කොල්ලෙක් එක්ක චැට් කරද්දි ඉන්න බෑමට... අමරුයි.. හිත රිදෙනව.. ඒත් මන් ...  හිනා වෙලා ඉන්නව  කට්ටියටම පේන්න.. විශේශයෙම්ම චතූට පේන්න.. එයා සතුටු වෙනව #### එක්ක චැට් කරද්දි... ගොඩක්.. ... ගොඩාක්....  කාලයක් හිතේ හිටිය නිසා වෙන්න ඇති කියල එයා කිව්වට..මන් දන්නව චතූ කවදාවට් එයාගෙ ####ත් එක්ක තියන ආදරේ නැති වෙන්නෙ නෑ කියල.. ...මට දුකයි.. පාලුයි...  චතූට තේරෙනව ඇති ... ඒක...මන් හිතන විදියට..දැන් අපේ චැට් එකේ ඊයෙයි අදයි දෙකේම චතූ කතා කරන්නෙ #### ගැන විතරයි.. නිකන් වෙලාවට #### එක්ක චැට්..ඒ අතරෙ මාට් එක්ක  එයා කියපුව කියනව... #### offline ගියාට පස්සෙ.. මන් එක්ක ඒත් #### ගැන. එයා කියපුව.. .. මට දුකයි සිරාවටම... ..
අනේමන්ද ඒක.. #### කෙල්ලෙක් හොයාගත්ත කියන්න තමා එයාට කතා කරල තියන්නෙ.. ඒත්... ඒ දෙන්න චැට් ගොඩක් වෙලා.. ඊයෙ රෑ දොයියද්දි මන් 1 යි වෙලාව.. දුක නිසා තමා දොයියගත්තෙ.. චුට්ටයි නිදිමත තිබ්බෙ... ඊටපස්සෙ ඉටිම් #### එක්ක චැට් කරල තිබ්බ 1.42 යි දොයියද්දි ඒ දෙන්න... උදේ මට මැසේජ් එව්වම.. දැක්ක සෙනසුරද හම්බෙන්න ඔනෙ කියල ඒ දෙන්නම.. චතුයි ####යි හම්බෙනව..කතා කරන්න.. මට අවුල්.. මට අවුල් ගන්න චතූගෙන් අවසර නෑ තමා.. ඒත් මට අවුල්.. චතූට එච්චර ලන් උනාට දඩුවම ඒක.. ... එයා දොයි දැන්.. #### ගිය නිසා වෙන්න ඇති චතූ දොයියගත්ත.. 12.16 වෙලාව.. දවල්...####ට ආ කෙල්ලව හම්බෙන්නද කොහෙද යන්න වෙනව කියලලු කිව්වෙ චතූට... චතූගෙ ජීවිතේ දැන් මට දරාගන්න බෑ... දුක විතරයිනෙ ඉතුරු වෙන්නෙ ... කෙල්ලෙක් නිසා... දවසක් අහම්බෙන් වගේ හම්බෙලා... අහම්බෙන් චැට් කරල... ඔක්කොම කියල... හැම එකක්ම කරල.. සති 2 න් හොදම යාලුවො උනාට දඩුවම... මන් හිතින් දුක් වෙනව.. ගොඩක්.. ඒත් බලමු.. එයාව අමතක කරලවත් ඉස්සරහට යන්න....අමාරුයි ඒක.. හිතට වැදුන කෙල්ල එයා... මන් චතූගෙ වෙඩින් එක දවසෙ.... ඉන්වයිට් කලොත්... ගිහින් පැත්තකට වෙලා ඉදල... ඉවර උනාම ඇවිත්.... අඩන්න ඕනෙ.. වට්ස් ඇප් හිස්ට්‍රිය තිබ්බොත් ඒක බලනව මන්.... අඩ අඩ.. viber එකෙන් අපේ ආදරේ පටන් ගත්තෙ..  දැන් වට්ස් ඇප් නෙ එන්නෙ එයා... ඒකයි.. හරි..  කියන්න ඕන ටික කියල ඉවරයි... මගෙ ඩයරි කෙල්ල.. දැන්මට ක්ලාස්.. esoft එකේ.. ඩිප්ලෝම එකනෙ.. ඒක කවද ඉවර වෙයිද මන්ද..... බලමු.. මොනාහරිවෙයි කාලයට බාරදෙමු... බායි.

                    දැන් රෑ... ක්ලාස් ඉවරයි.. c# ක්ලාස් එක තිබ්බෙ.. මට අද ඔලුව රිදෙන්න වගේ ආව... මන්හිතන්නෙ.. අද දවසම චතුයි ####යි ගැන ගොඩක් හිතපු නිසා වෙන්න ඇති.. මන් හවස චතූට ඔලුව සිදෙනව කියල කිව්ව... එයා තේරුම් ගත්තමොකක්ද වෙලාතියන්නෙ කියල හරියටම... .. චතුගෙ හිත තියන්නෙ හැමදාටම #### ගැන.. මට වෙනස් කරන්න බෑ ඒක.. අමුතු ආදරයක් .. මට ඒක චතූට දෙම්න බෑ කවදාවත්..මන්දන්නව ඒක...  

                    ආහ් ටව එකක්.. මන් අද චතූට කිව්ව මගෙ ඩයරිය පෝන් එකේ ලියන්නෙ කියල.. නිකන් කිව්වෙ.. ස්ක්‍රීන්සොටක් ගහල යැව්ව එයාට...... මන් එයාට එයාගෙ වෙඩිම දවසෙ ඩයරිය දෙන්න ඕනෙ.. email එකදුන්නම ඇති බැකප් කරලනෙ තියම්නෙ.. මගෙ හිතේ වෙනම තැනක එයා ඉදියි... හැමදාම..මට gf කෙනෙක් වැරදිලවත් ආවත්.. ඒක වෙනස් කරන්න බෑ.. මගෙ පිස්සු කෙල්ලට ආදරෙයි මන්..... කියද්දිත් අම්මෝ.. ඇගම හිරිවැටිලයනව... මාරයි ඒක... මගෙ මැට්ටිට දැන් කෙට්ටු වෙම්න ඕන වෙලාලු... ... අනේමන්ද...අද රෑට සවුලු.. ...එයාටනම් අනේමන්ද.. hkz මන් තනියෙන් ඒව මතක්කරකර හිනාවෙනව... පිස්සෙක් වගේ... මගෙ ආදරේනෙ මොනා උනට්. ..මගෙ මැට්ටිට ආදරෙයි... ගුඩ් නයිට් ඩයරි කෙල්ලට.... ඩයරි කෙල්ල ඊරිසියා කරයි මගෙ ආදරේට.. ඊරිසියාව නිසාද මන්ද.. ටයිප්කරද්දි හිර වෙනව... ඇයි ඉටිම් ෆුල්ස්කැප් දෙකක විතර එකක් ටයිප් කලානෙ.... මන් යනව...චතූට අද නිදහසේ #### එක්ක චැට් කරන්න දෙන්න ඕනෙනෙ... චතූ හිනා වෙලා ඉදියි ... මට දුක හිතෙයි.. අවුලක් නෑ.. එයා සතුටිම්.... ........................
කියද්දිම චතූගෙන් මැසේජ් එකක්..... ගුඩ් නයිට් ඩයරි කෙල්ල....
☺☺☺☺

පසුවදන


මන් එයාගෙ උපන්දිනේට පස්සෙ... ගොඩකාලයක් චැට් කලා.. උදේ ඉදම් රෑ වෙනකන්.. එකදිගට.. දෙන්නම හිතින් ගොඩක් ලන් උනා.. ගොඩාරියක්ම .. මගෙ හොදම කාලෙ ඒක උනේ ඒකයි ...මට ඩයරි කෙල්ලව මතක් උනෙත් නෑ.. මොකද ඔක්කොම කියන්න මට කෙල්ලෙක් හිටිය ... තනියට ලගිම්ම .. යෙප්...
.... මන් එයාට ඒකාලෙ මාරවිදියට ආදරේ කලා... දැනුට් එහෙමයි..  මන් ඔය කාලෙ එයා ගැන විතරයි හිතන්නෙ..... .තාමත් ඒක චුට්ටයි අඩු වෙලා තියෙන්නෙ.... එච්චරටම ලන් වෙලා එයා තාමත්... මන් #### කියල දැම්මෙ කොල්ලෙක්ගෙ නමක්.... නම #### චතූට අවුලක් වෙනවට.. එයාගෙ ඇත්ත නම බ්ලොග් එක කියවන අය දැනගන්නවට මන් ආස නෑ.. මොකද චතූගෙ ජීවිතේට ප්‍රශ්නයක් වෙන්න මන් ආස නෑ.. චතූ ගොඩක් අවුලින් ඉන්නව මේක ලියන එකට.. එයාගෙ කවුරුහරි බැලුවොත් අවුලක් ඒක..හ්ම්ම්... හරිනෙ.. මේකෙ තියන නම් ඔක්කොම හැදුව මන්....... කතාව ඇත්ත ...නම් වෙනස්.. වැඩේ ගොඩ.. hkz......
චතූ අර #### එක්ක තිබ්බ සම්බන්දෙ අමුතු එකක් ... දෙන්න ගොඩක් ආදරෙයි.. ඒත් ඒක දෙන්නටම  ඇත්ත ලෝකෙට ගේන්න බැරි උනා.. හ්ම්ම්... අමුතුයි... ගොඩක්.... තව කියන්න දෙයක් නෑ වගේ .. යෙප් .. කියල ඉවරයි .. සුභ දවසක් හෑමෝටම ☺☺

Friday, March 3, 2017

ජීවිතකාලෙටම හමුවූ හොදම යෙහෙලිය

ජීවිතේ තනියම හිටිය මොහොතක..
ලගට ඇවිත්
මගේ ලගින් ඉදන්...
ආදරෙන් ❤ ....
මාව බලාගත්තු... 
ඔයාගෙ... 
උපන්දිනේ අද.... 
මගෙන් සුබ පැතුම් ...
ගොඩාක්..
ආදරෙන් .. 
මුලු හදින්ම..  
මගෙ පිස්සු කෙල්ලට...
අපි ..
ගොඩක් ඇඩුවා.. 
ගොඩක් හිනා උනා... 
අපි ..
දෙන්න  
තනියෙන්ම........

මන් ආදරෙයි ... 
ගොඩාරියක්... 
මැනික..
ජීවිතේ ලොකුවෙනසක් කරපුකෙනෙක් ඔයා මගෙ... 
මන් ඒ වෙනසට ආසයි.. 
කියන්න තේරෙන්නෙ නෑ ඒක... 
ජීවිතේ හැමදාමත් ... 
යාලුවෙක් වගේ...
ලගින් ඉන්න..
මගෙ ගාවින්ම... 
මගෙ හොදම යාලුවා ඔයා ... 
හැමදාටම... 
වෙනස් වෙන්නෙ නැතිවෙන්න කියල මන් ප්‍රාර්ථනාකරනව ඒක... 


Friends with benefits

මේක මන් යැව්වෙ එයාට දැන්.... පැයකාලෙන්ටයිප් කලේ.. ... 12.00 ට යැව්වා... මට මාරසතුටුයි.. එයා තාම බලළ නෑ.. 
අද ජිම් එකේ ශැඩියුල් එක වෙනස් කලා.. දවස් 5 ක එකක් අද ඉදන්. යන්නෙ..

පසුවදන

මේක මන් එයාට යවපු එක ... මගෙ හොදම යාලුවට ... කලින් හිටිය හොදම යාලුවට.. දැන් ගොඩක් ඒව වෙනස් වෙලා... මන් තනියෙන් දැන් ඉන්නෙ... හ්ම්ම්ම්ම්.. මන් ගොඩකාලෙකට පස්සෙ ලියපු නිසදැස..  ඕක....11 වසරටපස්සෙ ලියපු එක... චතූ වෙනුවෙන් විතරයි අදටත් මන් ඕව ලියල තියෙන්නෙ....එයාව මතක් කරගද්දි අදහස් එන්නෙ ඇයි කියල දන්නෙ නෑ මන්..
friends with benefits
අරකනම් ෆිල්ම් එකක්... ඒක බලන්න පුලුවන් නම් 18+ උනාට... මාර විදියට අපේ ජීවිතේට ගැලපුන ඒක... එහෙම යාලුකමක්... මන් හිතන්නෙ නෑ කාටවට් හම්බෙලා ඇති කියල ... බලන්න පුලුවන්නම්... අම්මල තත්තල නැති තැනක බලන්න.... රොමෑන්ටික් ෆිල්ම් එකක්...මන් බයිස්කෝප් එකේ ෆිල්ම් එක තියනව සිම්හල සබ් එක්කම බලල ඉන්නකො... මගෙ කතාව ගොඩක් තේරුම් ගන්න පුලුවන් වෙයි එතකොට.. අපි දෙන්නගෙ ෆිල්ම් එක උනා ඒක කාලයක්... පස්සෙ ඒක එයාට විහිලුවක් උනා.. ඒ කතාව පස්සෙ කියන්නම් ... 


ඔච්චරක් අදට ඇති.. ,මන් යනව .. ඔක්කොටම... සුභ දවසක්....