Thursday, February 23, 2017

ඒලෙවල් අවසන් වීම සහ whatsapp ගෲප් (18+)

සෙනසුරාදා


අද hrm කෝස් එකේ ඉන්නෙ.. පලවෙනි දවස ... දැන් ක්ලාස් එකේ පලවෙනි බ්‍රේක් එක දුන්නා...  හොදයි වගේ කෝස් එක .. ඉන්රීසියෙන් විතරයි කරන්නෙ... අව්ලක් නෑ...... පස්සෙ එනෝ... 11. 07  වෙලාව 

දැන් රෑ... 10.02 යි වෙලාව.. ජිම් ගීන් ආවා .. හෙට ඉරිදනෙ ජිම් යන්න බැරි වෙයි 4 ට වහනවලු..  යන්න බලන්න ඕනෙ කොහොමහරි. රෑට කන්න pasta පැකට් එකකුයි සොසේජස් බැදලයි... තිබ්බා.. ස්පරයිට් එකකුත් තිබ්බා.. දැන් කාලා ඉන්නෙ ... හොදටම කාලා වැඩීයි... ඉතින් බඩ බහියියැ.. බලමු බලමු..මම දැන් ටිකක් එක්සයිස් කරල .. බඩ ටිකක් අඩු උනාම නිදාගන්න ඕනෙ..ඇපල් 7 එක ඇවිල්ල කියල කිව්වා දවස් ගානකට කලින් සතියකට විතර කලින්.. තාම මම දැක්කෙ නෑ..  අද විස්තර හොයල බලන්න ඕනෙ..ඒනම් මම දොයි .. තව ටිකකින්... 



ඉරිදා 


ලිංගිකව හැසිරෙන්න කලින් පිරිමි ඔබ කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සැගවුන මේ රහස් අනිවා දැනන් ඉන්න

යෝනි මාර්ගය ලෙස හඳුන්වන්නේ කාන්තාවගේ බාහිර ලිංගික අවයව සහ අභ්‍යන්තර ලිංගික අවයව සම්බන්ධ කරනා කුහරයක්‌ වැනි වූ අවයවයකට වේ. මෙය වෛද්‍ය විද්‍යාව තුළ ˜‍virgina˜‍ ලෙස හඳුන්වයි. 👅


මෙම අවයවය පරිණත වන්නේ මල්වරවීමත් සමඟයි. යෝනි මාර්ගය කාන්තාවගේ ලිංගික සංසර්ගයට ඉතා වැදගත් අවයවයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි.


යෝනි මාර්ගයේ බාහිර විවරය කන්‍යා පටලය, කන්‍යා පටලයේ වටේට පිහිටා ඇති පටකවලින් යම්කිසි ප්‍රමාණයකට ආවරණය වී තිබේ.


යෝනි මාර්ගයේ උඩ කොටස ගැබ්ගෙල සහ ගර්භාෂය සමග සම්බන්ධ වී ඇත.


යෝනි මාර්ගය ලෙස හඳුන්වන අවයවය හොඳින් විස්‌තාරනය විය හැකි අවයවයක්‌ වන අතර ලිංගික සංසර්ගයේදී මෙහි දිග සහ පළල අවශ්‍ය පරිදි වෙනස්‌ වේ. යෝනි මාර්ගයේ ඇති වන විවිධ ස්‍රාවයන් ලිංගික සංසර්ගය සඳහා වැදගත් වේ. එමෙන්ම ඔසප් චක්‍රයේ විවිධ හෝමෝන සාන්ද්‍රණ මත යෝනි මාර්ගයේ ඇතිවන ස්‍රාවයන්ගේ සහ එහි ගුණාත්මක භාවයේ වෙනසක්‌ ඇතිවේ. සමහර කාන්තාවන්ට මෙය මානසික වඳයක්‌ වුවත් බොහෝ කාන්තාවන්ට මෙම වෙනස මගින් ඔසප් චක්‍ර පිළිබඳව අවබෝධයක්‌ ලබා ගත හැකි වේ.


කාන්තාවගේ ලිංගික සංසර්ගයේ දී සම්පූර්ණ තෘප්තිය යෝනි මාර්ගය විවරයට ඉදිරියෙන් ඇති ˜‍ක්‌ලිටෝරිස්‌˜‍ ˜‍ නැමති අවයවය සමඟ බැඳි ඇත.


ඊට අමතරව යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය මගින් යම්තරමක්‌ දුරට ලිංගික සංසර්ගයේදී තෘප්තියක්‌ ලැබීමට කාන්තාවට සිදුවේ.


මෙයට අමතරව ප්‍රජනන ක්‍රියාවලියේදී ගර්භාෂය තුළ වැඩෙන දරුවා බාහිර ලෝකයට ගෙනයාමේදී ඉතා වැදගත් අවයවය ලෙස යෝනි මාර්ගය හඳුන්වාදිය හැකියි. මෙම යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය මත ගර්භාෂය පිහිටා ඇති අතර පසුපස බිත්තිය මත ගුද මාර්ගය පිහිටා ඇත. යෝනි මාර්ගයේ මාංශපේශි සහ පටකවල දුර්වලතා ඇති වනවිට මුත්‍රාශය ගුද මාර්ගය තුළට නෙරායාමක්‌ හෝ ගුද මාර්ගය යෝනි මාර්ගයට නෙරායාමක්‌ වැනි රෝග තත්ත්වයක්‌ ඇතිවෙන්නට පුළුවනි. ගර්භාෂය යෝනි මාර්ගයට ඉහළින් පිහිටා ඇති හෙයින් යෝනි මාර්ගයේ පටක දුර්වල වනවිට ගර්භාෂය යෝනි මාර්ගයට පහත්වීම හෙවත් අපි සාමාන්‍යයෙන් හඳුන්වන ගර්භාෂය පහත්වීමේ රෝග තත්ත්වය ඇති වේ.


ඒත් එක්‌කම දරුවෙකු මෙලොවට බිහිවනවිට මෙම යෝනි මාර්ගය ඉතාමත් විශාලවීමක්‌ වේ. මෙය ස්‌වභාවික ක්‍රියාවලියකි. මේ සඳහා අවශ්‍ය හෝමෝන පසුබිම මවගේ ගර්භනි කාලය තුළ ක්‍රමානුකූලව සිදු වේ. යෝනිමාර්ගය කෙතරම් පළල් වෙනවාද කිවහොත් සෙන්ටිමීටර් 10 ක්‌ පමණ හිසක විශ්කම්භයක්‌ ඇති ළදරුවෙකුට මෙලොවින් බිහිවීම සඳහා ප්‍රමාණවත් වන පරිදි මෙය පළල් වේ. මෙහිදී යෝනි මාර්ගයට කිසිදු හානියක්‌ නොවීම තවත් විශේෂත්වයකි.


යෝනි මාර්ගයේ මාංශපේශිවල තානය රදා පවතින්නේ යෝනි මාර්ගයේ පටකවලට ලබාදෙන ව්‍යායාම මතය. මේ නිසා යෝනි මාර්ගයේ පටක සහ බිත්තිවල දුර්වලතා ඇති වූ විට මාංශපේශි ශක්‌තිමත් කිරීමට වෙනම ව්‍යායාම ක්‍රමයන් වෛද්‍යවරුන් විසින් කාන්තාවන්ට හඳුන්වා දේ. මෙවැනි ව්‍යායාම මගින් යෝනි මාර්ගය අවට ඇති පටක ආරක්‌ෂා කර ගැනීමට හැකිවේ.


ව්‍යායාම කිරීම මගින් යෝනි මාර්ගය තුළට ගර්භාෂය පහත්වීම හෝ මුත්‍රාශය පහත්වීම යම්තාක්‌ දුරකට මඟ හරවා ගන්නට පුළුවනි.


ලිංගික ක්‍රියාවේ යෙදෙනවිට යෝනි මාර්ගයේ තිඛෙනා විවිධ ග්‍රන්ථී මගින් යෝනි මාර්ගයට ස්‍රවයන් ස්‍රාවය වේ. කන්‍යාපටලය පිටතින් ඇති පටක වල තිඛෙන තොල්වැනි පටක දෙකේ තිඛෙනා බාතෝලින් ග්‍රන්ථී මගින් යෝනි මාර්ගය තුළට සහ මතුපිටට ඉතා විශාල ප්‍රමාණයෙන් ස්‍රාවයන් පිට වීමක්‌ සිදුවේ. මෙම ක්‍රියාවලිය ලිංගික උත්තේජනයකදී කාන්තාවන්ගේ සිදුවේ.


යෝනි මාර්ගයේ පිලිකා ඉතා දුර්ලභවේ. මෙය බොහෝවිට වයස්‌ ගතවීමත් සමඟ ඇතිවේ. ඊට වඩා ප්‍රජනන පද්ධතියේ අනෙක්‌ අවයවවල පිළිකා බහුල වේ. යෝනි මාර්ගයේ පටක දුර්වල වීමක්‌ හෝ පටකවල තිඛෙනා හෝමෝන ප්‍රමාණය අඩුවීමක්‌ ආර්ථවහරණය වීමත් සමග කාන්තාව තුළ ඇති වේ. එවිට කාන්තාවගේ යෝනි මාර්ගයේ තිඛෙනා සම මත බැක්‌ටීරියා සහ දිලීර වර්ග ක්‍රියා කරයි. 


මෙයට අමතරව කාන්තාවගේ් ස්‌ථුලතාවය වැඩි නම් දරු ගැබක්‌ පිහිටා තිබේනම් විවිධ ඖෂධ ලබා ගන්නේ නම් කාන්තාවගේ යෝනි මාර්ගයේ ආම්ලික සහ භාෂ්මික තාවයේ වෙනස මගින් දිලීර වැඩිවශයෙන් වර්ධනය වීමක්‌ දැක ගන්න පුළුවනි. මෙවැනි අවස්‌ථාවලදී කාන්තාවට සාමාජිය සහ දෛනික කටයුතුවලට බාධා පවා ඇතිවේ.


එවිට විවිධ ආසාධනයන් බහුල වන අතර ඉන් බහුලතම ආසාධනය වන්නේ ˜‍කැන්ඩිඩා˜‍ රෝගයයි. මෙයට සුළු ඖෂධ ගැනීමක්‌ කළ හැකි අතර තමාට දියවැඩියාව තිබේදැයි සැකහැර දැන ගැනීමත් ව්‍යායාම වල නිරත වීමත් සහ දිලීර නාශක ඖෂධ ලබා ගැනීමත් ප්‍රථීකාර වේ.


අද මුකුත් කියන්න නෑ. ඉරේශ් අයියාගෙ බබා ඉස්පිරිතාලෙට අරන් ගිහින්... හෙම්බිරිස්සාව හතිය  ඇවිත් ... ඉරේශ් අයියට බබාව වඩාගන්න දෙන්නෙත් නෑ..... බෝවෙයි කියල  .... දවසම ෆිල්ම් බැලුවා. අද ඉරිදනෙ..... එච්චරයි...... වෙලාව11.19 රෑ... දැන් දොයි මම....පෝන් එක ස්ලෝ වෙලා.....ටයිප් කරන්න වෙලා යනව... ගුඩ් නයිට් ..



පසුවදන 


අද එක දැක්කගමන් අවුල් යයිද මන්ද කට්ටියට.. හික්x... මන් ඕක ලියන කාලෙ ගොඩක් වට්ස් ඇප් ගෘප් වල හිටිය .. හයියූ ඒවනම්.. ගෲප් 30ක හිටිය .. ආතල් එකට ගනන් කරපු දවසක තිබ්බෙ ඒගාන... අද නම් එකකවත් නෑ... මරු ගෲප් ටික ආ.. එකෙක්වත් අදුරන්නෙ නෑ.. ඒලෙවල් කරල ගෙදර ඉන්න කාලෙනෙ ඉටින් ..උපරිම ආතල්...ඔක්කොම චැට් තනිකඩ කොල්ලො විතරයිනෙ .. ඉටින් .. ෆිල්ම්.. ගේම්...රැප්... වැල... ජිම්... ඕව තමා මාතෘකා අපේ... එක එක මගුල් ආ....එහෙම එකෙක් එවපු කතාවක් ඔය. මහක හිටින්නත් එක්ක මන් කොපි කරගන්නව ඩයරි එකට.. වැඩේ ලේසියිනෙ එතකොට.. ඩිජිටල් විදියට ඩයරි එකක් ලියන එකේ වාසිය තමා උපරිම .... ; ) ....
            මන් ටක්ගාලා පරන පේජ් ටික දාල ඉවර කරල ..හිතෙන හිතෙන ඒව එදාම දාන්න පටන් ගන්න ඕනෙ නිසා දැම්ම දවස් දෙකක ඒව... 
මන් ක්ලාස් එකට ගිහින් පලවෙනි දවසෙම හිතුවෙ ඉන්ග්‍රීසියෙන් තමා ඒක උගන්නන්නෙ කියල .. බලද්දි ඉන්ග්‍රීසිත් උගන්නන්නෙ ලාවට සිම්හල චුට්ටක් කලවන් කරල... සුපිරි ඉටින්. hkz....
             ඉරේශ් අයිය කියන්නෙ මගෙ බාප්ප... එයා ගෙ පොඩි එක්කෙනාට මාස 8 ක් ද කොහෙද දැන් .. ලස්සන චූටි කොල්ලෙක් .. මන් ආසයි එයාට .. තමන්ගෙ අයියට බබෙක් හම්බුනාම වැඩියෙම්ම අදරේ හිතෙනව කියල කතාවක් තියනවනෙ .. ඒක නම් ඇත්ත.. එයා මගෙ අයිය වගේ පොඩිකාලෙ ඉදම්ම ... කොල්ලෙක් පිටින් ගොඩක් දරුනු උනට.. ආදරේදි .. වගේ හදවතිම් කරන වැඩ වලදි.. ගොඩක් වෙනස්.... යෙප්....
              මේ බ්ලොග් එක ගොඩක් ම සෙට් වෙන්නෙ නිකන්  කියවන්න දෙයක් හොයන කෙනෙක්ට.. ඒක ගොඩක් හොද වෙයි ගෙදර පාලුවෙන් වගේ ඉන්න කෙනෙක්ට වගේ... මට තේරෙන විදියටනම් එහෙම තමා... මේක කතාවක් .. වෙනස තියෙන්නෙ දැනට වෙන වෙමින් පවතින.. කතාවක්.. එහෙනම් . සුභ දවසක් වේවා ඔයාල ඔක්කොටම ☺☺

5 comments:

  1. වට්ස් අප් ගෲප් නන්... අම්මෝ... අම්බානෙකට තියෙනවා... දිගට හරහට මැසේජ් එද්දි මල පනිනවා...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් එක