Tuesday, March 27, 2018

මගෙ ඉගෙනීම සහ..ඉගෙනගන්න අයට ජීවිතේ හදාගන්න

දවස් දෙකකට විතර පස්සෙ ආයෙත්...
අද කතා කරන්නම් මගෙ අද්යාපනෙ ගැන...ඉක්කෝලෙ යන සුටි බබාල ඉන්නවනම් අයිඩියාස් එකක් ගන්න මන් ගැන.. තව ...ම්ම්ම්ම් නිකමට කියවල බලන්න..😜..
මෙහෙම පටන් ගන්නම්..


මන් ඉස්කෝලෙ ගියෙ ගමෙ .. ගමෙ කිව්වට ගමෙන් 50% නගරෙන් 50%.. ගැමිරික කියල කියන්නෙ .. අන්න ඒවගෙ එකක්. එකවසරෙ ඉදන් ක්ලාස් එකෙ නෝමල් කොල්ලෙක්.. පැත්තකට වෙලා හිටිය එක්කෙනෙක්.. ඒත් හැම තිස්සෙම මාව ක්ලාස් එකෙන් ටිකක් කැපිල පෙනුන මතකයි ... ඒ මට වැඩ පුලුවන් නිසා අනික් අයට උගන්නන්න කියල මටම සෙට් එකක් ( කොල්ලො දෙන්නෙක් විතර) උගන්නන්න කියල බාර දීල තිබ්බ එක.. හපු.. ඒ හතර වසරෙනෙ.. එකේදි නෙමෙ. 🙈🙀. එහෙම ටමා උනෙ... ..උන්ටත් අවුලක් නෑ දන්නෙ නැති ඒව අහපුවම කියල දෙන්න තියෙන්නෙ... එහෙමත් කලාලු මන්...
ඉටපස්සෙ සිස්සත්වෙ... ඉක්කෝලෙ පලවෙනිය.. වැඩිම ලකුනු මට .. ක්ලාස් එකෙ 40ක් විතර හිටියද කොහෙද.. හතරදෙනෙක් පාස් උනා.. ඒ අයගෙන් එක්කෙනෙක් මන්.. අනික් අය ක්ලාස් ගිහින් මැරිල මැරිල පාඩම් කරල පාස් වෙද්දි... මන් ක්ලාස් ගියෙ මැත්ස් වලට විතරයි.. ඒකත් නෝමල් සර් කෙනෙක්.. එයානම් හොදට ඉගැන්නුව ආහ්...ඒක පට්ට.💗...
ඊටපස්ස්සෙ බන්ඩාරනායකෙට ආව ලකුනුවලින්.. මගෙ ලකුනු 156.. අපෙ දවස් වල ලකුනු ගන්න අමාරුයිලු.... හම්මේහ් ඉතින්,... 150 ගානකින් තමා පාස් එක දුන්නෙත් මතක විදියට..


               හලි.. බන්ඩාරනායකෙට ආපු ගමේ ඉක්කෝලෙ කොල්ලා ඔහෙ ඉගෙනගත්ත.. 6 වසරෙ ඉදන් ඉක්කූල් වෑන් එකෙ ගියා.. ඒලෙවල් ඕලෙවල් වලින් තමා වෙනස් උනෙ ඕක.. තාත්ත මහන්සියෙන් හොයපු සල්ලි නාස්ති කරන්නැතුව ඒව හරියට මැනේජ් කරගන්න පුලුවන් සීන් එකක් පොඩිකාලෙ ඉදන්ම තිබ්බ මගෙ... මේක කියවන සුටි බබාලත් එහෙම පුරුදු වෙන්න... ඔක්කොම ටික එකතු කරල සතෙන් සතේ ... ලොකු අයිටම් එකක් ගන්න..මන් සල්ලි වියදම් කලෙ ඉතින් extl hard..., computer වලටයි  ඇදුම් වලටයි තමා ඇදුම් නම් ගොඩක් නෑ.. නෝමල්. අන්න ඒවගෙ....


                 ඕලෙවල් වලටනම් ට්කක් ක්ලාස් ගියා... අවුලක් උන් නෑ.. A5 B3 C1 .. C1 තිබ්බෙ නැටුම් වලට.. මාව මහතයි කියල නැටුම් කරන්න දැම්ම... ඒක නම් අපෙ ගෙදර ඉල්ලීමලු....මන් බෝලෙ වගෙ ඒ දවස් වල.. ඊටපස්සෙ මන් පට්ට කෙට්ටු උනා.. දැන් සුපිරි.. ගානට ඇග..මොනාකලත් මට නටන්න නම් බෑ... නටන්න පුලුවන්  EDM වලට විතරයි.. ඒක නම් මම් ආසම අයිටම් එකක්.. EDM ( Electronic Dance Music ) ඇහෙද්දිත් පිස්සු වගෙ..මගෙ ඒලෙවල් කාලෙ ටාගට් එකක් තිබ්බ TOMORROWLAND💗 යන්න කොහොමහරි.. තාමත් හිතේ තියන එකක් ඒකනම් ..මන් ආසයි ඒකට... ඒ නිදහසට .... අනිව කරනව හලි හලි... ම්ම්ම්ම් 

Motivation එකක් ඕනනම්... 

ගිහින් බලන්න... 

Aftermovie ටික

https://www.youtube.com/user/TomorrowlandChannel                                              

https://www.tomorrowland.com/global/

මන් නම් ඉස්සර හැමදාම උදේ පාන්දර ඕක බලනවලු 💗😋😋



               ඊලගට.....ඒලෙවල් වලට මැත්ස් කලා... මට ඉතින් ඒක සුපිරියටම පුලුවන් නිසා.... ඒලෙවල් ක්ලාස් එකෙ මුලිම්ම ගාන හදල ඉවර වෙන්නෙත් මම වෙලත්..මන් දෙපාරක් ඒලෙවල් කරල දෙපාරම මැත්ස් ෆේල් උනා... ඒක දයිවයේ සරදම ... හම්මෝ ඒක.😹😹..පිසික්ස් .. කෙමෙස්ට්‍රි නම් පාස් ඒ දෙක පාස් උනෙ කොහොමද කියල තමා හිතාගන්න බැරි මට.... කොහොමහරි තුන්වෙනිපාර ඕව කරන්න ගියෙ නෑ මන්.. ඕලෙවල් ඉවර වෙලා කෙලිම්ම  ජාවා ඉගෙනගන්න ගියා.. ඒක කරන්න ගෙදරින් සල්ලි දුන්නෑ..සල්ලි නැති නිසා.. දුන්නනම් මන් සොප්ටෙයා ඉම්ජිනියර් කෙනෙක් දැන්.. එනිවෙ.. මන් ඒලෙවල් කරල ඉවර වෙලා ඉගැන්නුව.. කෙල්ලෙක්ට..ඒ කෙල්ල මාස දෙක්කින් වගෙ ඉදල ක්ලාස් ආවෙ නෑ.. ඉගැන්නුව අවුලක් නෙමෙලු.. කෙල්ලගෙ  පවුලෙ අය රට ගිහින්.. ම්ම්ම් ඒකත් ඉවරයි...

         තව මන් ..ම්ම් ඊසොප්ට් එකෙ ඩිප්. එක කලා... ඒක කොච්චර හොදට කලාද කිව්වොත් අන්තිමෙ ඒකෙ මැනේජර් කතාකරල මට උගන්නන්න එන්න කියලත් කිව්ව.... පොඩිකාලෙ ඉදන්ම මට I.T. සරලවම හිතට වැදිල තිබ්බ සබ්ජෙක්ට් එකක් නිසා ඒලෙවල් වලට කරන්න හිතන් හිටියත් සබ්ජෙක්ට් තෝරද්දි මගෙන් උන වැරැද්දක් නිසා ඒකට කෙල උනා... මැත්ස් කල ඒනිසා... I.T. කලානම් මන් දැන් කැම්පස්... මැත්ස් වලට වඩා ගැම්මෙන් මට  I.T.  පුලුවන් නිසා. ..ඒකත් ඉවරයි නෙහ්.. 

          මන් ඊටපස්සෙ මැනේජ්මන්ට් පැත්ත තෝරගත්ත.......H.R. කෝස් එකක් කලා..ප්‍රයිවට්.. දැන් ඒකෙ ඊලග ලෙවල් එක කරන ගමන්  ඉන්නෙ.. සෙනසුරාද ඒක.. තව .. යක්කල ටෙක් එකෙ කෝස් එකක් කලා. දැන් ඒකෙ ට්‍රේනින් යන ගමන් ඉන්නෙ .. ඉම්ජිනියරින් .  සතියෙ දවස් 5 ම... තව දවසක් ඉතුරුයිනෙහ්.. ඉරිදට Open Uni. එකෙ Auto CAD කෝස් එකක් කරන ගමන්.. සරලවම.... දවස් 7 ම ගෙදරින් එලියෙ වැඩ.. 


දැන් දවස් 7 ම වැඩ කරල මහන්සි වෙන්නෙ කලින් කරගන්න බැරි උන නිසා..


               එනිසා පෝස්ට් එක කියවන බබාල ඉගෙනගන්න අයනම් මෙ ටික කියවන්න හිතට ගන්න.. සිරාවටම...... 


මුලිම්ම ඉගෙනගන්න සුපිරියටම... මොකද ඔය කාලෙ ආයෙත් එන්නෙ නෑ... ජොබ් කරල වගකීම් වැඩි වෙලා ඉගෙනගන්න ගියාම තියන අමාරුව.. ගෙදරින් කන්න බොන්න දීල.. සුදු ඇදුම අයන් කරල දීල.. බත් ටිකත් ගෙදරින් කවල ඉස්කෝලෙ යවනකාලෙ නෑ.. එනිසා වැඩ කරන්න..... තමන්ට පුලුවන් සබ්ජෙක්ට් තෝරගන්න .. අම්මල තාත්තල .. ඇන්ටිල කියන නිසා නෙමෙ.. අන්න ඒම... පුලුවන් උපරිම කරල කැම්පස් යන්න. එතනින් ඔයාල ගොඩ... එහෙම කරන්න බැරි සෙට් ඉන්නව... ඉගෙනීම නැතුව කරන්න ඕනෙ කියල හිතන අය.. කෝස් එකක් කරන්න.. සල්ලි නැත්තම් ටෙක්වල.. නැත්තම් ඔය එක එක තැන් තියනව NAITA කියල එකක් තියෙන්නෙ ඒකෙ එහෙම... කරන්න හොදයි ආහ්... මන් ගියෙ යක්කල ටෙක්.. කැම්පස් වගෙ තමා.... සුපිරි ජීවිතයක්... ඒක කොහොමහරි අත්විදින්න ට්‍රයි කරන්න...හැමසෙනසුරාදමකොල්ලො කෙල්ලො එක්ක ආතල් එකට කොහෙහරි නාන්න යන්න... ගෙවල් වල එක එක පාටි... තව එක එක ආතල් ගොඩයි.. එන්නෙ එහෙම කරල බලන්න..දන්නෙම නැතුව ජීවිතේ ගොඩ... සරලවම..බැහැයි කියන හැමදේම සරලව හිතල බලන්න... වෙන දේ තියරිය තේරුම්ගන්න.. අනිව පුලුවන්.. 


මන් තාම ඕක කරගන්න ට්‍රයි එකක් දෙන එකෙක්....


හැබැයි සල්ලි තිය්නවනම් ඕව ගේමක්ම නෑ හරිද..ඉගෙනිම මොනා උනත් කැම්පස්... ඊටපස්සෙ ඩිග්‍රිය... ලන්කාවෙ බැරිනම් පිටරට.. අවුලක්ම නෑ නෙ


මන් මේව කියන්න හේතුවක් තියනව.... එහෙම කියන්නෙ.. අපෙ ඒලෙවල් ක්ලාස් එකෙ ඉක්කෝලෙ... මගෙ ස්ඩෙස්ක් එකට ඉස්සරහ හිටිය එක්කෙනා ගම්පහ 9 මැත්ස් වලින්.. පිටිපස්සෙ එකා පිස්සුම කෙලල.. ඕස්ට්‍රීලියවෙ ඉන්ජෙක් කැම්පස්...වම්පැත්තෙ එකත් ඉතින් රෑන්ක් ඉතින් .... ඔහොම වෙලා තව අවුරුදු ගානක් ගියාම.. අනි ක් උන් කාර් වල යද්දි.. උබට ගාමන්ට් එකක වගෙ වැඩ කරන්න උනාම ඔයාලගෙ අම්මල තාත්තල කිව්ව ඒව තේරෙයි... හම්මෙ ඒක නම් සැරයි ආහ්..😉. ඒක කිව්වෙ මේක කියවන.. පිස්සු කෙලින සෙට් එකක් ඉන්නවනම් .. එක කොල්ලෙක් කෙල්ලෙක් හරි ඉන්නවනම්... ඒ එක්කෙනාට...කොල්ලො ගැන හැමතිස්සෙම කියවන්නෙ මන් හිටියෙ කොල්ලන්ගෙ ඉක්කෝලෙකනෙ ඒකයි ..

 
අදට ඇති නෙහ්. ඩයරි කෙල්ලට අමුතු කතාවක් අදනම් ලිව්වෙ මන්. ගුඩ්නයිට්.. 
හිතට ගන්න දෙයක් තියනවනම් ගන්න.. මගෙ කතාව ඕක..... 

No comments:

Post a Comment

ඔබේ කමෙන්ට්ස් එක