Wednesday, February 22, 2017

ජිම් සහ කොල්ලෝ

ඊයෙ ලියන්න අමතක උනා ඒක නිසා අද උදේ ලියනව. ඊයෙ නම් අව්ලක් නෑ.... සාමාන්‍යයි... ජිම් එකේ schedule  එක වෙනස් කලා....දැන් දවස් දෙකයි රෙස්ට් දවස් එකයි.... අව්ලක් නෑ.. ලේසි එක්සයිස් ටිකක් තියන්නෙ.. ඊයෙ ජිම් ගීන් එද්දි රෑ 10 යි..හයියූ. .. අදවත් වේලස්සනින් යන්න ඕනෙ... අනිත් එව්න් මට පස්සෙ ඇවිල්ලා පැය බාගයක් පැයක් එක්සයිස් කරල යන්න බලන්නෙ හැම එකාම..... මම ජිම් එක ඇතුල්ට වෙලා ඉන්න බලන්නෙ ... 7 ට කලින් 6.45 ට ජිම් එකට ගිහින් රෑ 10 ට ජිම් එකෙන් එලියට එද්දි ... පිස්සු තමා ආ මට....මාත් එක්ක එන එව්න් .. මට පස්සෙ එන එව්න් එකෙක්වත් නෑ මම ජිම් එකෙන් යද්දි .. එක අයියා කෙනෙක් ඉන්නව .. ඌ තමා ඉන්නෙ... ඌ විතරයි..ඌත් එන්නෙ රෑ 9.45 ට 9.30 ට වගේ ඒම ඇවිත් රෑ 10.30 ට 11.00 ට යන එකෙක් ඒ... ජිම් එකේ කාඩ් මාක් කරන එකා උට ලොක් කරන්න කියල යනව... ඉතින් ඌ තනියෙන් එක්සයිස් කරල .. ලොක් කරල යනව...  ඌ හැබැයි හොද එකා .. මාත් එක්ක ටිකක් කතා කලා.. අව්ලක් නෑ... මම මුලින්ම ට්‍රෙඩ්මිල් එක හරි බයිසිකල් එක හරි පැදල වෝමප් එක නෙ ගන්නෙ මුලින්... ඊටපස්සෙ .. weight එක්සයිස් ... ඊටපස්සෙ බඩට... ඇදෙන්න ... උසයන්න...... push up .. chin up... ඔක්කොම ගහනව....ඒව ඉතින් මේ ජිම් එකටම ... මේ ජිම් එකටම කරන්නෙ මම විතරයි .. අනිත් එව්න් ඇවිත් ටිකක් වෝමප් කියල ඇග ටිකක් අදිනව... නැත්තම් පොඩ්ඩක් එහෙට මෙහෙට නැමෙනව...  දැන් වෝමප් උන්ට.... දැන් weight කරනව..  ඉතින් හරියන්නෙ නෑනෙ කවදාක්වත් .. ජිම් ගියා කියල නාමයක් නෑ අපේ ජිම් එන කට්ටියට....හැබැයි සමහරක් අව්න් ඉන්නව 2 ක් 3 ක් වගේ ... ලස්සනට කරනව..  හැබැයි ඒ අයත් බඩට කරන්නෙ නෑ.... උන්ගෙ බඩ එන්නෙ නෑ මොනා කලත්  ඒකෙනෙ.. ඊටපස්සෙ මම ස්ට්‍රෙචින් . ඒකනම් මම විතරමයි කරන්නෙ  .... උසයන්න හිතන් ඉන්නෙ මම විතරනෙ.. බලමු ඉතින් .. ඕක මාස ගානක් එක දිගට කලාම උස යන්න එපෑ.... බාතෲම් එකේ ඉදන් මේ ලියන්නෙ... hkz...  දැන් හෙන වෙලා මේකට ඇවිත්..  මම යනව....  මම එක්සයිස් කරන්නෙ පුම්චිව මතක් කරන්... එයාව මතක් කරද්දි    මට එක්සයිස් කරන්න පුලුවන් නිකන්ම.... ❤❤ ඒක වෙනස් දෙයක්... ඒනම්.. බායි ...

පසුවදන 


අද ජිම් එක ගැන කතාවක් ...........ජිම් එක පට්ට තැනක්..නිදහසේ ඉන්න වගේ මරු.. හිත නිදහස් කරගන්න.. කෙල්ලෙක් නැති පාලුව මකාගන්න... ඒවට...පට්ට..ජිම් එකේදි කරන්න ඕන වැඩ ගොඩක් තියෙනව .. මන් ඒ හැම එකක්ම හරියට කලා..යෙප් .. කලා කියල හිතනව... දැන් තත්වෙ ඇහුවොත්... මන් තමා දැන් ජිම් එකේ හොදම පැක් එක තියෙන කොල්ලා... ආඩම්බරෙන් .... හ්ක්x.... මාස 6කදි ... ලස්සන්ට හැදුව... කැපවීම ඕනෙ ඒකට ගොඩක්.. අතාරින්න හැදුවට ටාගට් එකකට යද්දි .. කරගන්න පුලුවන් ... ජිම් යනව කියන එක .. නෝමල් එකෙක්ට වැඩක් නැති එකක් වෙන්න පුලුවන්.. ඒත්.. ඒකෙ වෙනම අමුතු එකක් තියෙනව ... ජිම් එකේ උපසන්ස්කෘතියක් තියනව... හැමදාම හම්බෙන සෙට් එකක් ඉන්නව .... යාලුවො.. එක එක වයස් වල.... කවදාවත් දැකල නැති උනත් .. ඔක්කොම එකට කතා කරනව. ඕන උන වෙලාවට සපෝට් දෙන්න...ඒවගේ ඒවට..අපේ එකේ කොල්ලොම විතරයි ඉන්නෙ ඒනිසා අවුලක් නෑ.. පට්ට එකමුතුයි...
මේදැන් චතූ තරහ වෙලා යාලු කරගන්න ට්‍රයි කරනෝ මන්.... හයියූ මේ කෙල්ල... යාලුවෙනවකු කොහොමහරි...❤❤❤
මන් යනෝ... මේ කෙල්ලව යාලුකරගන්න ඕනෙ කොහොමහරි ...කෙල්ලෙක් තරහ උනාම හෙන වදේ නේ... හපූ... යාලුකරගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ... අනික ලොකුකමින් නෙ ඉන්නෙ.. ඒක ටමා පෙන්නන්නම බැරි... සැක්... 

අද ලියන්න එච්චර ඒකක් හිතට ආවෙ නෑ.. බලමු හවසටවත් මොනාහර්‍රි මගුලක් ලියන්න පුලුවන් වෙයිද කියල...මේකෙ විකාර කතා ටිකක් යයි .. ගනන් ගන්න එපා .. මොකද මේක මගෙ ඩයරියනෙ.... හැම එකක්ම ලියනව.. බලපු සහෝදර සහෝදරියන්ට යි අනික් අයටයි ගුඩ් මෝනිම් එකක් සහ  සුභ දවසක් වේවා.☺☺☺

No comments:

Post a Comment

ඔබේ කමෙන්ට්ස් එක