Monday, February 27, 2017

Musicසමග ජීවිතය

2016 Oct 27

වෙලාව 11.03 යි.. අද ජිම් ගියා.. දෙසැම්බර් වෙද්දි සුපිරි ඇගක් හදාගන්න තමා මට ඕනෙ.. බලමු බලමු... මර්ලින් බැලුවා අද .. බේත් ගන්න ගියෙ නෑ.. ඒක සෙට් වෙන්නෙ නෑවගේ.... අද cucumber cleanser එකක් ගත්තා.. ඒක මිල්ක් එකක් .. ඒක හරියන්නෙ නැලු.. ශානාගෙ අයියා කිව්වෙ.. ඌ බියුටි සැලුන් එකකලු වැඩ.. ඉතින් මන් ඇහුව නලලෙ කලු වගේ චුට්ටක් වෙලා තියනව ඒක අයින් කරන්න ... ඒක ගාන්න කිව්ව... ආයෙ ගද්දි ගන්න කිව්වෙ cucumber ක්ලෙන්සින් 2 in 1 එක.. ඒකෙ ක්ලෙන්සින් එකයි.. ස්ක්‍රබ් එකයි දෙකම තියනවලු... ඒක නෙමේනෙ මම ගත්තෙ.. මිල්ක් කියල එකක් ගත්තෙ... අරක ගෑවනම් හරි... ඒනම් මන් දොයි... ගුඩ් නයිt 

2016 Oct 29

අද ක්ලාස් ගියා.. HRM එකට.. හෙට ඉන්ග්‍රීසි ක්ලාස් සමන්ත සර්ගෙ .. hrm එකේ අදත්  ඉදගත්තෙ කෙල්ලොන්ගෙ පැත්තෙ.. එටන තව දෙන්නෙක් හිටිය .. උන් ඉදගත්තු හින්ද මාත් ඉදගත්තා.. අව්ලක් නැ... ඒක ලේසියි.. කොල්ලොන්ගෙ පැත්තෙ ඉද්දි බෝඩ් එක පේන්නෙ නෑ.... කෙල්ලොන්ගෙ පැත්තෙ එකේ ඉද්දි බෝඩ් එක සුපිරියට පේනව...ඒ නිසා අව්ලක් නෑ....අර කොන්ඩෙ ක්‍රේල් කෙල්ල සුපිරි.... ඒත් ගොඩක් කොල්ලො ඒක අව්ල් කියල කියන්නෙ... ඔව් ඉතින්. මේකප් නාලනෙ ඉන්නෙ.. තව අක්ක කෙනෙක් වගේ කෙල්ලෙක් එනව.කොන්ඩෙ මලකඩකාලා වගේ ඉන්න එක.. .ඉස්සරහම ඉන්නෙ.. .. හවස නෝට් එක ලියන්න එයාට කම්මැලී කියල එකදවසක් නිදාගත්තත් එක්ක එයා.. එයා පට්ට කම්මැලි එක්කෙනෙක්.... ක්‍රේල් එක නම් හොදයි  ... ඒක හැබැයි වියදම් වැඩියි.. හෙන ලොකු සීන්.. බයෝ කරල තියන්නෙ.. ඒකනෙ අඩි දෙක තුනක් උඩින් යන්නේ  hkz..... අද අලෙවිකරනය ගැන කලේ.. එපා වෙනව.. ඒකෙ තියන්නෙම කතන්දර වගේ මගුල් ටිකක්....ඉතිහාසය වගේ ඒව .. හ්ම්ම්... දැන් දොයි...

පසුවදන 


ම්ම්ම්ම් ...අද නම් කියන්න එච්චර දෙයක් නෑ නෙ නේ.. ඔක්කොම තේරෙනව කට්ටියටම ..මන් පොඩිකාලෙ ඉදම්ම එක එක අයිටම් මූනෙ ගෑව .. අනේමන්ද.. තනියෙන් ඉද්දි ඕව තමා කලේ..සෙල්ලම් කරන්නවට් එකෙක් නෑනෙ .. අහල පහල උන් ගොඩක් බොනව.. ඒකනම් අවුලක් නෑ මට. 
ඉස්කෝලෙත් ගොඩක් . අපේ සෙට් එකේ හිටිය බොන උන් .. ජොයින්ට් අදින උන් ..හැම වර්ගෙම උන්.. මායි තව 3 ක් විතර තමා සිගරට් එකක්වත් ගහල නැති එවුන්ට ඉන්නෙ..ගහන්න හිතුන්නෑ මොනාත් .. නැත්තම් මන් ගහනව.. ඔක්කොම ෆ්‍රී හම්බෙන්නෙ එහෙනම්..hkz
පොඩිකාලෙ ඉදම්ම  music ❤ වලට මන් මාර ආසයි.... පට්ට විදියට.. ඒත් ඉස්කෝලෙන් කලෙත් නෑ.. මාව තාත්ත dancing වලට දැම්ම .. ඒකට යන්න කිව්ව.. මන් පොඩිකාලෙ බෝල වගේ මහතයි නෙ.. චුට්ටක් කෙට්ටු වෙන්න හරි කියල .. ඒත්.. සින්දු කියන්න පුලුවන් වගේ .. ට්‍රේනින් නෑ.. චිත්‍ර අදින්න පුලුවන් .. ඒකටත් ට්‍රේනින් නෑ..  මන් පස්සෙ දාන්නම් මන් ඇදපු චිත්‍ර ටිකක් ...හොද එකක් හම්බුනොත්..☺ ..නටන්න තමා බැරි පොඩ්ඩක්වත්.. හයියූ ඒකනම් ... චුට්ටක්වත් බෑ... hkz .
මට රස්ත පාර සෙට් වෙන්නෙ නෑ.පොඩිකාලෙ ඉදම්ම රෑපටයි  හිපොප් වලටයි බැස්සම එහෙම තමා නේ..මන් සූටි කාලෙ ඉදම්ම රැප් ගොඩක් අහන්නෙ.... මල් සින්දු අහල අඩ අඩ ඉන්නවට වඩා හිපොප් අහල රෙස්පෙක්ට් පිට ඉන්න එක සුපිරි නෙ... මන් හිතන්නෙ කෙල්ලන්ව ගොඩක් ගනන් ගන්නෙ නැති වෙන හේතුවත් ඒක වෙන්න ඇති.. යෙප්..  මොනා කරන්නද.. 
අපේ තාත්ත මාව හොදට හදල තියනව.. ගහල නෙමේ හැදුවෙ.ඒත්... මට කවදාවත් බොරුවක් කියන්න හිතෙන්නෙත් නෑ කාටවත්ම .. කිව්වත් කොහෙන් හරි හිනාවක් හරි ගිහින් මාට්ටු වෙනවනෙ....
මොනාහරි වටින කියන විකාර ටිකක් ලියල එන්නනෙ බ්ලොග් එකට එන්නෙ. hkz..  හලි..
මන් යනව ඒනම්...කට්ටියටම සුභ දවසක්....C U ගායිස් ☺☺

No comments:

Post a Comment

ඔබේ කමෙන්ට්ස් එක