Wednesday, April 11, 2018

නන්ගිගෙ උපන්දිනය සහ බූට් එකකින් පසු හැසිරීම

2018 Jan 15


නන්ගිගෙ උපන්දිනෙ අද.. තෑග්ගක් ගත්ත චතූගෙන් අහන්න හිතුන තෑග්ග ලස්සනද කියල.. ඒත් ඕන් නැනේ..එකටත් එයා හෙන ලොකු ලයින් මොනාහරි කියයි ..   හෙනම එක එයාගෙ.. මන් දොයියනව ....  අද නෝමල් දවසක් අනෙහ්... ම්ම්ම්ම්ම් නන්ගිට කෝප්පයක් තෑගි දුන්න..  එයා හැෆිබෝට් ඩෙ කියද්දි හිනා වෙලා ගත්ත.. කේක් ඕන් නැකිව්වලු... එනිසා කන්න ෆ්‍රයිඩ්‍රයිස් 3 කුයි කොත්තුවකුයි..  ගෙනාව...  ලස්සන දවසක්..  පාලුයි 😀...  යෙප්.  තාමත්.... ගුඩ්නයිට්..  cu 


2018 Jan 16


අදනම් ඉතින් අනෙමන්ද.. ... දවසම ෆිල්ම් බැලුව..  තව.. ම්ම්ම්...  ඔහෙ හිටිය.. ගුරුගීතයකියවන්න ගත්ත... පිටු 50 ක් කියෙව්ව.. ඉතුරුටික පස්සෙ බලනව...  ගනේමුල්ලෙ ඉන්ටවිව් එකකට කෝල් කලා... මන් කෝල් කරල අහගත්තෙ... ටෙක් එකෙ තිබ්බ නම්බරයක් කොන්ඩ එව්ව...  චතූ imo එකට ස්ටේට්ස් දානව.. එයාගෙ පොටො දාන්නෙ.. දැන් හෙන කෙට්ටුයි කියල පෙන්නන්න එයාට ඕනෙ.  ඒක තේරෙනව මට.. 😂😂😂 මට ගානක්වත් නැ ඒක... එච්චර කෙට්ටු නැ අනෙ..  දැන් ඉස්සර හිටියට වඩා කැතයි වගෙ මටනම්.. ඇග කෙට්ටුයි.. එයාගෙ අනික් ඒව පොඩිවගෙ. 😜🙈.. යෙප්.. එවගෙ පේන්නෙ ... hkz.. අදාලම නැ..  old stuff ..🙊🙉🙈 .. මන් යනෝ..  හෙට ඉන්ටවිව්... බායි..


සුවදන


මේක එන්න එන්නම හෙන ගොන් පාටක් යන බ්ලොග් එකක් වෙයි වගෙ... අනෙමන්ද.... දැන් ටයිප් කරන්න වෙලාවකුත් නෑ... වෙලාවක් හම්බුනත්.. ටිකක්  අවුල් වගෙ ඒක... ඩයරි එකෙ ඔය දවස් වල තියන කතා ටික අමුතුයි ඒකයි... පරන විදියටම පසුවදන කියල දැම්ම...මේක කියවන අයට නම් මගෙ ජීවිතේ වැඩක් නැති වෙයි ඒත් ඉතින් . මන් ලියල තියෙන්නෙ ඕව..


නන්ගිගෙ උපන්දිනෙ දවසනෙ.. එදා ඉතින් මන් ගිය අවුරුද්දෙ වගෙම තෑග්ගක් කියල එකක් දුන්නලු.. ජොබක් කරන්නෙ නැති නිසා ඒ දවස් අල මන් අම්මගෙන් සල්ලි ඉල්ලන් තිලකවර්දන එකෙන් මග් එකක් දුන්න එයාට..එයා ඒක තාම මේසෙ උඩ ලස්සන්ට තියල තියනව ...නන්ගියි මායි අතර ලොකුවටම සම්බන්දයක් නැ වගෙ එකක් තියෙන්නෙ.. ඒක පවුලෙන් එන දෙයක් වෙන්න ඇති මන් හිතන්නෙ.. ආදරෙ පෙන්නන දන්නෙ නැතිකම.. තේරෙනෙ නැතිකම වගෙ ... මට ඒ සබ්ජෙක්ට් එක තමා බැරිම.. අලෙමන්ද ... එකනම් ජාන වල අවුලක්....


නන්ගිට කොත්තු , ෆ්‍රයිඩ්‍රයිස් කිව්වොත් වෙන මොනාත් ඕන් නෑ.. අවුරුදු 16 - සිට ඉහලට ඉන්න වගෙ ඕන කෙල්ලෙක්ගෙ හැටිනෙ ඒක.. ඒ නිසාම එයා එයාගෙ හැෆි බෝට් ඩෙ කේක් එකත් එපා කියල ඒක වෙනුවට තව වැඩිපුර කොත්තුයි ෆ්‍රයිඩ්‍රයිසුයි ඉල්ලුව... හම්මෝ ඒ වගෙ කෑම පෙරෙටයෙක්...


දෙවෙනි එකෙ.. ඔන්න මන් ගුරුගීතය පොත කියවන්න පටන් ගත්තලු ආයෙමත්.. මන් ඕක ඊටකලින් හෙන පාරක් කියවන්න ට්‍රයි කරල තියනව.. මගක් කියවල නතර කරනව.. ආයෙත් පස්සෙ දවසක පොත අරන් බලද්දි මුකුත් මතක නැති නිසා මුල ඉදන් කියවන්න පටන් ගන්නව.. මන් හිතන්නෙ ඔය ඒ වගෙ කියවන්න පටන් ගත්තු 5 වෙනි පාර වගෙ...ඉන්ටවිව් එකට ගියා මන් ... ඒකෙන් පස්සෙ වෙච්ච දේ ලියල නැති නිසා කියන්නම්.. 


ඔන්න ඉන්ටවිව් එකට ගියා.. පට්ට කම්පැනි එකක්.. මාව ජොබ් එකට ගත්ත.... එකපාරින්ම... තියෙන්නෙ බ්‍රාන්ච් එකක් .. මොරටුවෙ.. හැමදාම කෝච්චියෙ යන්න වෙයි .. නැත්තම් මට නතර වෙලා ඉන්නවෙයි කිව්ව.... මන් එහෙමම බෑ කියල හැරිල ආව.... දැන් මට ජොබ් එක මොකක් උනත් ඉන්ටවිව් වලට ගිහින් ලොකු පලපුරුද්දක් තියනව... ආඩම්බරෙන්..  Hkz


දැන් අර ස්ටේටස් දාන එක.. මෙහෙම හිතන්නකො.  😇 ඔයාලට යාලුවෙක්ගෙ ඔහොම අත්දැකීමක් නැති නිසා මෙහෙම කියන්නම්  මන්...හිතින් හිතාගන්න හලිද...ඔයයි .. තව කෙල්ලෙකුයි යාලු උනා ආදරෙ කරනව කියල හිතන්නකො.. ඊටපස්සෙ කෙල්ල බූට් එක තියනව.. කෙල්ලො ඉතින් කොහොමත් අඩාගත්තු ගමන්මනෙ ඉන්නෙ.( එහෙම නැති පට්ට කෙල්ලොත් අතරින් පතර ඉන්නව.. මටනම් තාම හම්බෙලා නෑ..... ඒත් ගොඩාරියක් අය මොනාහරි මගුලකට අඩාගත්තුගමන්  ඉන්නෙ..... උදාහරනෙකට......... දාන්න පාප්පු බර ගානක් ගෙදර තිබිලත් ,  මෙ පාටියට දාන්න පාප්පුවක් නෑනෙ වගෙ හේතු. )  හලි හලි ... එහෙම ඉදල වෙන එකෙක් එක්ක යාලු උන ගමන්, ඔයාගෙන් අයින් උන නිසා එයා හෙනට සතුටින් ඉන්නව වගෙ පෙන්නන්න නැත්තම් එයාගෙ අවුල් ඔක්කොම හරි ගිහින් කියල, ..ඔයාගෙ අවුලක් ඒක කියල පෙන්නන්න හෙන ගේමක් දෙනව... 
අන්න එහෙම සීන් එකක්මටත් උනෙ.. Best Friend ගෙන්. අලෙමන්ද .. මට එයා මොනා කිව්වත් ලොකුවට අවුලක් ගියෙ නෑ ඒකටනම් ... ඒගැන සතුටුයි..ඒක ඊරිසියාව නෙමෙනෙහ්... 

සරලව සිතීම සහ සරල ජීවිතය

මම් ඒනම් යනො.. කට්ටියටම සුභ දවසක්....C U ගායිස් ☺☺