Saturday, March 4, 2017

හැරවුම

ඊයෙ #### මැසේජ් කලා චතුට් එක්ක...නිකන් චැට් කරනව ...  එයාගෙ මැසේජ් චතූ මට ෆෝවඩ් කරනව.. බලන්න ඕනෙ කියල හිතෙන ඒව විතරක්.... මට දුකයි ඒක.. මන් නිප්පටයි භාගිටයි කිව්ව ඒක..කාටහරි කියන්න ඕනෙනෙ ඒක..
 කෑගහල අඩන්න පුලුවන් මට.. ඒකමතක් වෙද්දි.. චතූගෙ හිතේ ඉන්න කෙනෙක්නෙ.. එයා.. මට බෑ එයාට ඒම මොනාට් කියන්න.. එයා ඇත්තටම ආදරෙයි චතූට ඒත්.. එයට් ඒම කියන්නෙ නෑ.. චතුට් කියන්නෙ නෑ ඒක.. මන් යාලුවෙක් උන එක වැරැද්දක්ද කියලහිතෙනව .. බැ ඒක කරන්න.. 
කදුලු එකව මේක ලියද්දිට්.. කෙල්ලෙක් වෙනුවෙන්  මෙච්චර එකක් මන් කලාද.... අම්මෝ ..අපි ලන් උන තරම්.. කියන්න බෑ ඒක.. හිතාගන්නට් බෑ... දැන් අඩනව මන්.. නිකන් කොල්ලෙක් චැට් කරන නිසා.. මගෙ  හිතේ චතූ ගැන ලොකු ඉඩක් තියන නිසා වෙන්න ඇති ඒ... වෙන කෙනෙක් එක්ක කොල්ලෙක් එක්ක චැට් කරද්දි ඉන්න බෑමට... අමරුයි.. හිත රිදෙනව.. ඒත් මන් ...  හිනා වෙලා ඉන්නව  කට්ටියටම පේන්න.. විශේශයෙම්ම චතූට පේන්න.. එයා සතුටු වෙනව #### එක්ක චැට් කරද්දි... ගොඩක්.. ... ගොඩාක්....  කාලයක් හිතේ හිටිය නිසා වෙන්න ඇති කියල එයා කිව්වට..මන් දන්නව චතූ කවදාවට් එයාගෙ ####ත් එක්ක තියන ආදරේ නැති වෙන්නෙ නෑ කියල.. ...මට දුකයි.. පාලුයි...  චතූට තේරෙනව ඇති ... ඒක...මන් හිතන විදියට..දැන් අපේ චැට් එකේ ඊයෙයි අදයි දෙකේම චතූ කතා කරන්නෙ #### ගැන විතරයි.. නිකන් වෙලාවට #### එක්ක චැට්..ඒ අතරෙ මාට් එක්ක  එයා කියපුව කියනව... #### offline ගියාට පස්සෙ.. මන් එක්ක ඒත් #### ගැන. එයා කියපුව.. .. මට දුකයි සිරාවටම... ..
අනේමන්ද ඒක.. #### කෙල්ලෙක් හොයාගත්ත කියන්න තමා එයාට කතා කරල තියන්නෙ.. ඒත්... ඒ දෙන්න චැට් ගොඩක් වෙලා.. ඊයෙ රෑ දොයියද්දි මන් 1 යි වෙලාව.. දුක නිසා තමා දොයියගත්තෙ.. චුට්ටයි නිදිමත තිබ්බෙ... ඊටපස්සෙ ඉටිම් #### එක්ක චැට් කරල තිබ්බ 1.42 යි දොයියද්දි ඒ දෙන්න... උදේ මට මැසේජ් එව්වම.. දැක්ක සෙනසුරද හම්බෙන්න ඔනෙ කියල ඒ දෙන්නම.. චතුයි ####යි හම්බෙනව..කතා කරන්න.. මට අවුල්.. මට අවුල් ගන්න චතූගෙන් අවසර නෑ තමා.. ඒත් මට අවුල්.. චතූට එච්චර ලන් උනාට දඩුවම ඒක.. ... එයා දොයි දැන්.. #### ගිය නිසා වෙන්න ඇති චතූ දොයියගත්ත.. 12.16 වෙලාව.. දවල්...####ට ආ කෙල්ලව හම්බෙන්නද කොහෙද යන්න වෙනව කියලලු කිව්වෙ චතූට... චතූගෙ ජීවිතේ දැන් මට දරාගන්න බෑ... දුක විතරයිනෙ ඉතුරු වෙන්නෙ ... කෙල්ලෙක් නිසා... දවසක් අහම්බෙන් වගේ හම්බෙලා... අහම්බෙන් චැට් කරල... ඔක්කොම කියල... හැම එකක්ම කරල.. සති 2 න් හොදම යාලුවො උනාට දඩුවම... මන් හිතින් දුක් වෙනව.. ගොඩක්.. ඒත් බලමු.. එයාව අමතක කරලවත් ඉස්සරහට යන්න....අමාරුයි ඒක.. හිතට වැදුන කෙල්ල එයා... මන් චතූගෙ වෙඩින් එක දවසෙ.... ඉන්වයිට් කලොත්... ගිහින් පැත්තකට වෙලා ඉදල... ඉවර උනාම ඇවිත්.... අඩන්න ඕනෙ.. වට්ස් ඇප් හිස්ට්‍රිය තිබ්බොත් ඒක බලනව මන්.... අඩ අඩ.. viber එකෙන් අපේ ආදරේ පටන් ගත්තෙ..  දැන් වට්ස් ඇප් නෙ එන්නෙ එයා... ඒකයි.. හරි..  කියන්න ඕන ටික කියල ඉවරයි... මගෙ ඩයරි කෙල්ල.. දැන්මට ක්ලාස්.. esoft එකේ.. ඩිප්ලෝම එකනෙ.. ඒක කවද ඉවර වෙයිද මන්ද..... බලමු.. මොනාහරිවෙයි කාලයට බාරදෙමු... බායි.

                    දැන් රෑ... ක්ලාස් ඉවරයි.. c# ක්ලාස් එක තිබ්බෙ.. මට අද ඔලුව රිදෙන්න වගේ ආව... මන්හිතන්නෙ.. අද දවසම චතුයි ####යි ගැන ගොඩක් හිතපු නිසා වෙන්න ඇති.. මන් හවස චතූට ඔලුව සිදෙනව කියල කිව්ව... එයා තේරුම් ගත්තමොකක්ද වෙලාතියන්නෙ කියල හරියටම... .. චතුගෙ හිත තියන්නෙ හැමදාටම #### ගැන.. මට වෙනස් කරන්න බෑ ඒක.. අමුතු ආදරයක් .. මට ඒක චතූට දෙම්න බෑ කවදාවත්..මන්දන්නව ඒක...  

                    ආහ් ටව එකක්.. මන් අද චතූට කිව්ව මගෙ ඩයරිය පෝන් එකේ ලියන්නෙ කියල.. නිකන් කිව්වෙ.. ස්ක්‍රීන්සොටක් ගහල යැව්ව එයාට...... මන් එයාට එයාගෙ වෙඩිම දවසෙ ඩයරිය දෙන්න ඕනෙ.. email එකදුන්නම ඇති බැකප් කරලනෙ තියම්නෙ.. මගෙ හිතේ වෙනම තැනක එයා ඉදියි... හැමදාම..මට gf කෙනෙක් වැරදිලවත් ආවත්.. ඒක වෙනස් කරන්න බෑ.. මගෙ පිස්සු කෙල්ලට ආදරෙයි මන්..... කියද්දිත් අම්මෝ.. ඇගම හිරිවැටිලයනව... මාරයි ඒක... මගෙ මැට්ටිට දැන් කෙට්ටු වෙම්න ඕන වෙලාලු... ... අනේමන්ද...අද රෑට සවුලු.. ...එයාටනම් අනේමන්ද.. hkz මන් තනියෙන් ඒව මතක්කරකර හිනාවෙනව... පිස්සෙක් වගේ... මගෙ ආදරේනෙ මොනා උනට්. ..මගෙ මැට්ටිට ආදරෙයි... ගුඩ් නයිට් ඩයරි කෙල්ලට.... ඩයරි කෙල්ල ඊරිසියා කරයි මගෙ ආදරේට.. ඊරිසියාව නිසාද මන්ද.. ටයිප්කරද්දි හිර වෙනව... ඇයි ඉටිම් ෆුල්ස්කැප් දෙකක විතර එකක් ටයිප් කලානෙ.... මන් යනව...චතූට අද නිදහසේ #### එක්ක චැට් කරන්න දෙන්න ඕනෙනෙ... චතූ හිනා වෙලා ඉදියි ... මට දුක හිතෙයි.. අවුලක් නෑ.. එයා සතුටිම්.... ........................
කියද්දිම චතූගෙන් මැසේජ් එකක්..... ගුඩ් නයිට් ඩයරි කෙල්ල....
☺☺☺☺

පසුවදන


මන් එයාගෙ උපන්දිනේට පස්සෙ... ගොඩකාලයක් චැට් කලා.. උදේ ඉදම් රෑ වෙනකන්.. එකදිගට.. දෙන්නම හිතින් ගොඩක් ලන් උනා.. ගොඩාරියක්ම .. මගෙ හොදම කාලෙ ඒක උනේ ඒකයි ...මට ඩයරි කෙල්ලව මතක් උනෙත් නෑ.. මොකද ඔක්කොම කියන්න මට කෙල්ලෙක් හිටිය ... තනියට ලගිම්ම .. යෙප්...
.... මන් එයාට ඒකාලෙ මාරවිදියට ආදරේ කලා... දැනුට් එහෙමයි..  මන් ඔය කාලෙ එයා ගැන විතරයි හිතන්නෙ..... .තාමත් ඒක චුට්ටයි අඩු වෙලා තියෙන්නෙ.... එච්චරටම ලන් වෙලා එයා තාමත්... මන් #### කියල දැම්මෙ කොල්ලෙක්ගෙ නමක්.... නම #### චතූට අවුලක් වෙනවට.. එයාගෙ ඇත්ත නම බ්ලොග් එක කියවන අය දැනගන්නවට මන් ආස නෑ.. මොකද චතූගෙ ජීවිතේට ප්‍රශ්නයක් වෙන්න මන් ආස නෑ.. චතූ ගොඩක් අවුලින් ඉන්නව මේක ලියන එකට.. එයාගෙ කවුරුහරි බැලුවොත් අවුලක් ඒක..හ්ම්ම්... හරිනෙ.. මේකෙ තියන නම් ඔක්කොම හැදුව මන්....... කතාව ඇත්ත ...නම් වෙනස්.. වැඩේ ගොඩ.. hkz......
චතූ අර #### එක්ක තිබ්බ සම්බන්දෙ අමුතු එකක් ... දෙන්න ගොඩක් ආදරෙයි.. ඒත් ඒක දෙන්නටම  ඇත්ත ලෝකෙට ගේන්න බැරි උනා.. හ්ම්ම්... අමුතුයි... ගොඩක්.... තව කියන්න දෙයක් නෑ වගේ .. යෙප් .. කියල ඉවරයි .. සුභ දවසක් හෑමෝටම ☺☺

No comments:

Post a Comment

ඔබේ කමෙන්ට්ස් එක